වෛද්‍යවරුන් රැජිනගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැළකිලිමත් වීමෙන් පසු ඇයව බැල්මොරල්හි

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවට බකිංහැම් මාලිගය පවසා තිබේ.

අද උදෑසන වැඩිදුර ඇගයීමෙන් පසුව, රැජිනගේ වෛද්‍යවරු මහ රැජිනගේ සෞඛ්‍යය ගැන සැළකිලිමත් වූ අතර ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ තබන ලෙසට නිර්දේශ කර ඇත" යනුවෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

රැජින සුව පහසුවෙන් එහි සිටින බවට එහි වැඩිදුරත් පැවසිය.

චාල්ස් කුමරු බැල්මොරල් වෙත ගොස් ඇත.

XFDF

කෝන්වෝල් ආදිපාදවරිය ද එහි ගොස් ඇති අතර කේම්බ්‍රිජ් ආදිපාදවරයා ද බැල්මොරල් වෙත යාමට පිටත්වී ඇත.

96 හැවිරිදි රැජින උපදේශක කවුන්සිල හමුව බදාදා අතර මග නවතා ඉන් ඉවත් වූ පසු වෛද්‍යවරුන් ඇයට විවේක ගන්නා ලෙස උපදෙස් දීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

රැජිනගේ සෞඛ්‍යය තත්ත්වය ගැන මෙවර පැහැදිලිවම දැඩි අවධානයක් යොමුවී ඇත. ඒ, වැඩි සඳහනක් නොමැතිව මෙය සංචලනය සමඟ ඇති දුෂ්කරතාවක් යනුවෙන් පෙරට වඩා බොහෝ පැහැදිලිව ඇගේ තත්ත්වය සඳහන් කර ඇති නිසාය.

අඟහරුවාදා ඇය නව අගමැතිනිය පත් කරන විට ඇගේ දෙපා මත සිට සිනාසෙමින් ඡායාරූප වලට පෙනී සිට ඇත. ඇය වැටී ඇතිවා විය හැකි ය වැනි පදනම් විරහිත අනුමානයන්ට එරෙහිව අනතුරු ඇඟවීම් ඉදිරිපත් කර ඇත.

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ උපදේශක කවුන්සිලයේ අතථ්‍ය රැස්වීමක් අවසාන මොහොතේ අවලංගු කිරීමෙන් පමණක් රැජිනගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් බවට වරදවා වටහා ගත නොහැක.

අගමැති ලිස් ට්‍රස් පැවසුවේ මෙම ප්‍රවෘත්තිය පිළිබඳව "මුළු රටම" "දැඩි කනස්සල්ලට" පත්වන බවයි.

"මගේ සිතුවිලි - සහ අපේ එක්සත් රාජධානිය පුරා සිටින මිනිසුන්ගේ සිතුවිලි - මේ මොහොතේ මහ රැජින සහ ඇගේ පවුලේ අය සමඟයි" ඇය තවදුරටත් පැවසුවාය.

රැජින ලිස් ට්‍රස් අගමැතිනිය ලෙස පත් කළේ බැල්මොරල් හි දීය. ඒ උත්සවය සඳහා ඇය ලන්ඩනයට පැමිණියේ නැත.

ඇගේ 70 වසරක පාලන කාලය තුළ රැජින සාමාන්‍යයෙන් බකිංහැම් මාලිගයේදී ඇගේ නව අගමැති සමඟ හමුවීම සිදුවී ඇත.

ඇය ජූලි මාසයේ සිට ඇගේ ස්කොට්ලන්ත නිවසේ ගිම්හාන නිවාඩුවක් ගත කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව තමා "දැඩි කනස්සල්ලට පත් වූ" බව කම්කරු නායක ශ්‍රීමත් කීර් ස්ටාර්මර් පැවසූ අතර ස්කොට්ලන්තයේ පළමු අමාත්‍ය නිකොලා ස්ටර්ජන් පැවසුවේ තමා "ගැඹුරින් සැළකිලිමත්" වන බවත් රැජිනට ඉක්මන් සුවය පතා ඇගේ සිතුවිලි සහ පැතුම් රැජින වෙත යවන බවත්ය.

වේල්සයේ පළමු අමාත්‍ය මාර්ක් ඩ්‍රේක්ෆෝර්ඩ් ඇයට ඉක්මන් සුවය පතා තමාගේ හා වේල්සයේ ජනතාව ගේ පැතුම් යවා ඇත.


ශ්‍රී ලංකා ජනපතිගේ කනස්සල්ල


පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානී එලිසබෙත් මහ රැජිනගේ අසනීප තත්ත්වය පිළිබඳ පුවත අසන්නට ලැබීම ගැන අපි කනස්සල්ලට පත්ව සිටින අතර ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු යනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ, පැවසූ බවට ජනපති මාධ්‍ය අංශය පවසයි.

DFSDFR


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්