theleaderlk 01

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින වසර 70 ක් කිරීටය හොබවා බැල්මොරල්හිදී මිය ගියාය.



බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විමසිලිමත් වීමත් සමග ඇගේ පවුලේ අය ඇගේ ස්කොට්ලන්ත වතුයායේ රැස් වූහ.

රැජින 1952 දී සිංහාසනයට පැමිණි අතර අයගේ ධුරකාලය තුළ දැවැන්ත සමාජ වෙනසක් දුටුවාය.

ඇයගේ අභාවයත් සමඟ ඇයගේ වැඩිමහල් පුත් චාල්ස්, හිටපු වේල්ස් කුමරු, ශකයට පත් රටේ රාජ්‍ය නායකයා ලෙස සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14 ක නව රජු ලෙස කටයුතු කරනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය පැවසුවේ, "රැජින අද පස්වරුවේ බැල්මොරල්හිදී සාමකාමීව මිය ගියාය" යනුවෙනි.

"රජු සහ බිසව අද සවස බැල්මොරල් හි රැඳී සිටින අතර හෙට නැවත ලන්ඩනයට පැමිණෙනු ඇත."

වෛද්‍යවරුන් රැජින වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමෙන් පසු රැජිනගේ සියලුම දරුවන් ඇබර්ඩීන් අසල බැල්මොරල් වෙත ගමන් කළහ.

ඇයගේ මුනුබුරා වන විලියම් කුමරු එහි පැමිණ සිටියි. ඔහුගේ සොහොයුරා වන හැරී කුමරු එහි පැමිණෙමින් සිටියි.


(BBC සිංහල සේවය)

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM