theleaderlk 01

රජයේ හමුදා සෙබළුන් විසින් විසි හය වසරකට පෙර කල්ලි ගැසී දුෂණය කොට මරා දැමූ පාසල් ශිෂ්‍යාවක් වන ක්‍රිෂාන්ති කුමාරස්වාමි යාපනයේදී අනුස්මරණය කර තිබේ.



දෙමල ජාතික පක්‍ෂයේ වැල්වැටිතුරෛ ප්‍රධාන කාර්යාලය මගින් සැප්තැම්බර් 7 වැනිදා සංවිධානය කර තිබු ක්‍රිෂාන්ති කුමාරස්වාමි අනුස්මරණ  කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් කියා සිටියේ මෙවැනි සිදුවීම් යළි සිදුවීම වළක්වා ගත යුතු බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංග පාලන සමයේ රජයේ හමුදා විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසු සාමන්‍ය දෙමළ වැසියන් 600 ට වැඩි පිරිසක් ඝාතනය වු බව පවසන හිටපු මන්ත්‍රීවරයා එහිදී තව  දුරටත් සඳහන් කළේ ඔවුන් වෙනුවෙන්ද මේ තාක් යුක්තිය ඉටු වී නොමැති  බවයි.

ඔවුන් සියළු දෙනාට යුක්තිය ලබා  දීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවද ඔහු එහිදී සදහන් කළේය.

 

චුන්ඩිකුලි මහා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා ශිෂ්‍යාවක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි 1996 ඔක්තෝම්බර් 6 වැනිදා උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත ගෙදර යමින් සිටිය දී චෙම්මනි මුරපොලේ සිටී හමුදා සෙබළුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සාමුහික දුෂණයකට ලක් කොට මරා වළ  දමා තිබිණි.



ඈගේ ප්‍රමාදය නිසා කලබල වූ ඇගේ මව වූ රාසම්මා කුමාරස්වාමි, ප්‍රාණවන් කුමාරස්වාමි  සහ කුමාරස්වාමි පවුලේ හිතවතකු වූ සිදම්බරම් කිරුබමූර්ති සමඟ ඇය සොයා  චෙම්මනි මුරපොල වෙත ගොස් විමසා තිබේ.

ක්‍රිෂාන්ති ගැන කිසිදු තොරතුරක් තමන් නොදන්නා බව පැවසූ මුරපොලේ සෙබළු ඔවුන් තිදෙනා බංකරයක් තුළට ගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ඇත. එදින රාත්‍රියේදී හමුදා සෙබළුන් විසින් ප්‍රාණවන් සහ කිරිබමූර්ති කඹයකින් ගෙල සිරකර මරා දමා සිරුරු දෙක ආරක්ෂක මුරපොල පිටුපස වළ දැමූ අතර ඔවුන්ගේ ඇඳුම් වෙනම වළක වළලා තිබේ. රසම්මා ද ඒ ආකාරයෙන්ම ඝාතනය කළ මේ හමුදා සෙබළු මුරපොල පිටුපස ඇගේ සිරුර වළ දැමූහ.


ED3AQTyUEAAon5wක්‍රිෂාන්ති කුමාරස්වාමි


ක්‍රිෂාන්ති කුමාරස්වාමි සාමුහික දුෂණය කර මරා දමා ඇතිබවට රජයේ හමුදා වෙත එල්ලවූ චෝදනා කෙරෙහි පරීක්ෂණ පැවැත්වීමට එවක පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට ජාත්‍යන්තර බලපෑම් එල්ලවිය.

ඉන් ටික කලකට පසු අතුරුදහන් වූ සිවිල් වැසියන් සිව්දෙනකු සම්බන්ධයෙන් යුද හමුදා බලධාරීන්ට ලැබුණු නිර්නාමික පෙත්සමක් ඔස්සේ කරන ලද පරීක්ෂණයක් අනුව චෙම්මනි හමුදා  මුරපොල වෙත අනුයුක්ත කර සිටී හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කෙරිණි.  ඒ අනුව, දිරාපත් වූ සිරුරු හතරක් සහ ඇඳුම් ආයිත්තම් සොයා ගත්තේ  චෙම්මනි හමුදා මුරපොල අසල  වල දමා තිබියදීය.

හමුදා සෙබළුන්  9 දෙනකුට විරුද්ධව චෝදනා 18කින් යුක්ත අධිචෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුව මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නඩුව විභාග කරමින් විත්තිකරුවන්ගේ පාපොච්චාරණය ඔස්සේ සොයාගත් සාක්ෂි මෙන්ම අනෙකුත් වාචික සාක්ෂි මත තීන්දුව ලබා දෙන ලදී.



ඉන් අපරාධ චෝදනා ඔප්පු වූ හමුදා සෙබළුන් 5 දෙනකුට මරණ දඩුවම නියම කෙරුණු අතර තවත් චූදිත හමුදා සෙබළු තුන් දෙනෙකුට විසි පස් වසරක සිර දඩුවම් නියම විය. තවත් විත්තිකාර හමුදා සෙබළු 4 දෙනකු නිදොස් කොට නිදහස් කෙරිණි.



මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් චූදිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය සහ අධිනීතිඥ රංජිත් ප්‍රනාන්දු ප්‍රධානව තවත් අධිනීතිඥවරුන් කිහිප දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කළද, එය විභාග කළ  එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි බණඩාරණායක ප්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව වූයේ අභියාචනාව නිශ්ප්‍රභ කරමින් තීරණය කළේ මහාධිකරණයේ තීන්දුව ඒ ලෙසම ක්‍රියාත්මක කළ යුතු බවයි.
 




මේ අතර සත්තුරුකොන්ඩාන් සහ අවට ගම්මාන 3 ක කාන්තාවන් 85 ක්, ළමයින් 42 ක් සහ ළදරුවන් 5 ක් ඇතුළුව දෙමළ සිවිල් වැසියන් 186 ක් අසළ පිහිටි හමුදා කඳවුරකට ගාල්කර ඝාතනය කළ සත්තුරුකොන්ඩාන් සමූහ ඝාතනයේ  32 වන අනුස්මරණය අද මඩකළපුවේදී පැවැත්වුණි.

4122


 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

නවතම පුවත්