1200 x 80 DMirror

සිංගප්පූරුවේදී හෙට (11) පැවැත්වීමට නියමිත 12 වැනි ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සුදුසුකම් ලැබිය.




ඒ, මෙතෙක් තරගාවලිය පුරා අපරාජිතව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, හොංකොං පිල සමග පැවැති තරගයෙන් ලකුණු 67-43ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

nhh


ඉරිදා (11) පැවැත්වෙන අවසන් මහා තරගයට අනෙත් පසින් නිර්දේශ ලබන කණ්ඩායම තීරණය කෙරෙන දෙවැනි අවසන් පූර්ව තරගය සිංගප්පූරුව හා මලයාසියාව අතර අද පැවැත්වීමට නියමිතව ඇත්තේ සංශෝධිත කාල සටහනට අනුව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ටය.

පස් වරක් ම ආසියානු කුසලාන දිනා සිටින ශ්‍රී ලංකාවට හෙට දිනයේ 6 වැනි වතාවටත් කුසලාන දිනා ගැනීම කෙරෙහි විශාල අපේක්ෂාවක් තබාගෙන සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ගයාංජලි  අමරවංශ අවසන් තරගය පිළිබඳව අදහස් දක්වමින් පැවසුයේ, තරඟාවලියේ එක දිගට මෙතෙක් පවත්වාගෙන ආ  කණ්ඩායමේ අපරාජිත බව හෙට දිනයේදී ජයග්‍රාහීව නිමාකිරීමට අපේක්ෂාකරන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය හයිසින්ත් විජේසිංහ ද හෙට තරග ජයග්‍රහණය ගැන දැඩි විස්වාසයකින් යුතුව අදහස් දැක්විය. ”දක්ෂතා අතර සිටින වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම හෙට අපි පිටියට බස්සනවා.'' ඇය පැවසුවාය.

12 වැනි ආසියානු  දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු2.30  පැවැත්වේ. එය සිංගප්පූරුවේ වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වේ.

මේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට ය.

 

2022 ආසියානු කුසලාන 20 - 20  ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ද හෙට (11) පැවැත්වීමට නියමිත අතර ඒ් සඳහා ශ්‍රී ලංකා කණ්ඩයම සහ පකිස්තානු කණ්ඩායම සුදුසුකම් ලබා සිටී. 

මේ අවසන් මහා තරඟ ද්විත්වය පිළිබඳ සමාජ මාධය තුළ දැඩි අවධානයක් යොමු වී ඇති අකර පහත දැක්වෙන්නේ ඒ් පිළිබඳව පළවු පෝස්ටුවකි. 

fgdfgdfty66

 

 

 


කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය