පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) පොලිසිය විසින් අත්අඩංගුවට ගත්

අරගලයේ ක්‍රියාකාරීකයකුව සිටී ළහිරු වීරසේකර ට අද (10) ඇප නියම කර තිබේ.

කොළඹ ජාතික රෝහලට පැමිණ ඔහුව පරීක්ෂා කළ මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය, රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට ඇප නියම කර ඇත.

මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් "වෙනසක තාරුණ්‍ය" සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ද ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණි.

එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදී ළහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය.



ළහිරු වීරසේකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිළධාරීන් විසින් ඔහුට තර්ජනය කර ගෙල ප්‍රදේශය සිර කර ඇති බව ඔහුගේ නීතිඥවරු පවසා තිබිණි. ”මරනවානම් මරණ හැටිත් අපි දන්නවා” යනුවෙන් පොලිස් නිළධාරීන් ප්‍රකාශ කර ඇතැයි ද නීතිඥ අමිල එගොඩමහවත්ත ප්‍රකාශ කළේය.



ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නේ ඒ තත්ත්වය මතය.

ඔහු ජාතික රෝහලේ 50 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.

bnn

mnbmb

ලහිරු නිදහස් කරන්නයි විරෝධතා !

මේ අතර දේශපාලන ක්‍රියාකාරී ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් සංවිධාන ගණනාවක් ප්‍රකාශ නිකුත්කර තිබිණ.  

ඔහුව අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත්කර තිබු Black Cap Movement සංවිධානය, රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි භාවිතයෙන් ඉවත් කල යුතු මර්ධනකාරී නීති භාවිතා කිරීම තම සංවිධානය කිසිසේත් අනුමත නොකරන බවත් වහාම දේශපාලන සිරකරුවන් නිදහස් කර සමාජ සංහිඳියා ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් රජයට අවධාරණය කර තිබිණ.

''ශිෂ්‍ය අවධියේ සිටම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස සමාජ මැදිහත්වීම් සඳහා එක්වූ ලහිරු වීරසේකරගේ දේශපාලන දෘෂ්ටිවාදය අපගේ දේශපාලන දෘෂ්ටිවාදය සමඟ සමපාත නොවුවද ඔහුගේ අදහස් දැරීමේ අයිතියට අපි සියල්ලෝම ගරු කළ යුතුය. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස විරෝධාතා දැක්වීමේ නිදහස දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතවීමේ නිදහස දියුණු මානවීය ගුණාංගයන්ගෙන් සමන්විත සමාජයක ලක්ෂණයන් ය. ජනතා අරගලය තුළ නිරන්තරව ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී සිටි අප ලහිරු වීරසේකර වැනි දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිරන්තරව පෙනී සිටිමු. Black Cap Movement කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

dfgdgr


කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්