දෙමළ ජනතාව දශක ගණනක් තිස්සේ පීඩාවට පත් කළ  ත්‍රස්ත පනතේ කෘරත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිංහල ජනතාවද නැවත

වතාවක් අත්විඳිමින් සිටින බවට නිදහස පතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාසයක නිරත දෙමළ දේශපාලන සිරකරුවන් බැලීමට ගිය දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික මධ්‍යස්ථානය පවසා තිබේ.

මේ වනවිට ශිෂ්‍ය අරගලකරුවන් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමි රැඳවුම් නියෝගයක් යටතේ දින 90ක සිර අඩස්සියක සිටිති.

 

''ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට අරන් සිරගතව සිටින දේශපාලන සිරකරුවන් 40 කට වැඩිය ඉන්නවා. 2020 අවුරුද්දේ අත්අඩංගුවට අරගෙන සිරගත කරලා ඉන්න මේ දෙමළ තරුණයන් දන්නේ නැහැ ඔවුන්ට තියෙන චෝදනා මොනවද කියලවත්, ඔවුන්ට නඩු පවරලා වත් නැහැ,'' යැයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි.

 

ඔවුන් අතරින් දෙමළ දේශපාලන සිරකරුවන් එස්. උදයසිවම්, යූ. උමාසුදන්, එම්. පාර්තීබන්, එල්. ඉම්බරාජ්, වයි. රොබින්සන්, ආර්. සයන්දන්, පී. නගුලේස්වරන්, එස්. සුදාහරන්, යූ. සතීස්කුමාර්, එස්. සසීදන්, ආර්. විවේකානන්දන්, වයි. ඩඩ්ලි සහ එල්.අජන්තන් යන දහ තුන් දෙනා අද වන විට සිව්වන දිනයටත් උපවාසයේ නිරත වන බව ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්තරවාදය උදෙසා වූ ජනමාධ්‍යවේදියෝ [JDS]  විසින් ප්‍රකාශයට පත්කර ඇත.

jds 2299jds 2299 2

මේ අතරින් 2019-2020 සමයේ අත් අඩංගුවට ගන්නා ලද දෙදෙනෙක් යුද සමයේ වයස අවුරුදු අටේ පසුවූ අය බව පාර්ලිමේන්තුවේදී කියා සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පෙන්වා දුන්නේ ඔවුන් යුද්ධය පිළිබඳව නිසි අවබෝධයකින් හෝ පසු නොවූ අය බවයි.

රඳවා ගෙන සිටින සියළුම දෙමළ දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙස ආණ්ඩුවට බලපෑම් කරමින්, උපවාසකරුවන්ට සහයෝගය පළ කරමින් 9 සිකුරාදා උදේ පැවති උද්ඝෝෂණයකින් පසු තත්වය නිරීක්ෂණයට බන්ධානාගාරයට ගිය සතිවේල් පියතුමා පවසන්නේ ත්‍රස්ත පනත යොදා ගෙන ජනාධිපතිවරයා ත්‍රස්තවාදියෙක් ලෙස ක්‍රියා කරන බවයි.

 

'' වීදි සටන් කරුවන් ත්‍රස්තවාදීන් හැටියට අත් අඩංගුවට ගන්නවා. මෙය වහා නැවැත්විය යුතුයි. මෙහෙම කරන ආණ්ඩුවට සහාය නොදිය යුතුයි. දෙමළ ජාතික සන්ධානය විතරක් නොවේ දකුණේ ආණ්ඩු විරෝධී පක්‍ෂ දෙමළ දේශපාලන සිරකරුවන් හා උපවාසකරුවන් නිදහස් කරගන්න එක් පෙරමුණකට එන්න ඕනෑ.''

 

දිගු කලක් පුරා සිරගතව සිටින්නන් හා මෑතකදී අත් අඩංගුවට ගෙන සිරගත කළ දෙමළ තරුනයන්  නිදහස පතා මැගසින් බන්ධනාගාරයේ අරඹා ඇති උපවාසයට විසදුම් ලබා දීමට වගකිව යුතු පාර්ශවයන් වහා මැදිහත් යුතු යැයි  `හඬක් නොමැතිවුන්ගේ හඬ` සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

ඉකුත් දා යාපනේ පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ කැඳවුම්කරු මුරුගයියා කෝමහන් පවසා සිටියේ දෙමළ ජාතික දේශපාලන පක්‍ෂ නියෝජිතයන් විසින් නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන සිරකරුවන්ගේ ලැයිස්තුවක් ආණ්ඩුවේ නායකයන්ට බාර දුන් බවයි.

'' ජනාධිපතිට හා අගමැතිට ලබා දුන් ලැයිස්තුවට අනුව දඩුවම් ලබා දීලා තියෙන දේශපාලන සිරකරුවන් 24 ක්. ඔවුන් ඇපිල් කරලා තියෙනවා. මේ 24 නිදහස් කරන්න පුළුවන් කියලා ජනාධිපති කියල තියෙනවා,'' යි ඔහු පැවසීය.

'' ජිනීවා මානව හිමිකම් සැසියට ගිහින් ඉන්න අධිකරණ ඇමැති ආපසු ආවහම එයත් එක්ක කතා කරලා නිදහස් කරනවා කියනවා. ජිනීවා කවුන්සිලය අවසන් වෙනකම් ඉන්න ඕනේ නැහැ ඊට කලින් නිදහස් කරන්න.''


සබැඳි පුවත් :
දෙමළ සිරකරුවන්ගේ නිරාහාර උපවාස සටනට අදට දින තුනයි !

දෙමළ දේශපාලන සිරකරුවන් 12 ක් උපවාසයේ : ආණ්ඩුව 'ව්‍යාජ රංගනයක' !


කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්