කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.



තමන් මෙම අවස්ථාවේදී කිසිඳු අමාත්‍ය ධුරයක් බාර ගැනීමට සුදානම් නොමැතිබව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා ජනාධිපතිවරයා හමුවී දැනුම්දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩබලන ජාතික සංවිධායක ලෙස තමන් වෙත පැවරී ඇති වගකීම මත එම තීන්දුව ගෙන ඇති බව පැවසේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනටමත් යවා ඇතැයි දැනගන්නට තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, විමලවීර දිසානායක, ආචාර්ය සරත් වීරසේකර, එස් එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන් යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් පොහොට්ටුවෙන් යෝජනා කර ඇතැයි ද පැවසේ.

වජිර අබේවර්ධන, ජීවන් තොණ්ඩමන්, අසංග නවරත්න සහ ඒ එල් එම් අතාවුල්ල යන මහත්වරුන් සෙසු පක්ෂ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇති නම් දෙකකට ඇතැමුන්ගේ විරෝධය පළ වී ඇති බවද පැවසේ.

නව කැබිනට් මණ්ඩලය මේ සතියේ දී පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යවරුන් පත්කිරීමේ දී විෂය පථයන් වෙනස් වන බැවින්, කැබිනට් මණ්ඩලයම යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද පැවසේ.


කවුරුත් නොදකින - කවුරුත් නොලියන - කාගේ කාගේත් ඇත්ත -  කාටත් කලින් දකින.... 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
Screenshot 2022 06 23 at 11.50.54 AM
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්