දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇත.



මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වෙයි.

අනුව ජනාධිපතිවරයා ලබන 17 දා මහා බ්‍රිතාන්‍ය  බලා යාමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය පළ කළේය.

එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

1952 සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි.


ජනාධිපති රනිල් සිය ශෝකය ප්‍රකාශ කරයි


PHOTO 2022 09 11 14 40 59PHOTO 2022 09 11 14 40 59 2PHOTO 2022 09 11 14 41 00

අද (11) පෙරවරුවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් හමු වී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය විසින් පිළිගනු ලැබුවාය.

අනතුරුව එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයෙහි ශෝක සටහනක් තැබු  රනිල් වික්‍රමසිංහ දෙවන එළිසබෙත් මහ රැජිණ දශක 07ක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු සේවය ඇගයීමට ලක් කළේය.


චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි

image ddce6e65c3

දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  පවසයි.

"පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ට සහ විශේෂ නියෝජිතයන්ට අතිඋතුම් රැජින විසින් සම්ප්‍රදායිකව පිරිනමන භෝජන සංග්‍රහය අපගේ සංගමයේ විශේෂයෙන් විචිත්‍රවත් සංකේතයකි.  එබැවින්, සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය රජයන් වෙනුවෙන් අද සවස උතුමාණන් ඇමතීමට අවස්ථාව ලැබීම විශේෂ භාග්‍යයක් ලෙස සලකමි,යනුවෙන් තමා එදින කතාව ඇරැඹූ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

"ස්කොට්ලන්තය, නොවැම්බර් 20, 1997" ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය අදාල කතාව කළ දිනය සහ ස්ථානය  ලෙස දැක්වේ.


 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්