1200 x 80 DMirror

ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු නෙට්බෝල් ශූරතාව අද (11)දිනා ගැනීමට සමත් විය.



ඒ, සත්කාරක සිංගප්පූරුවට එරෙහි අවසන් මහා තරගය ලකුණු 63ට 53ක් ලෙස ජය ගනිමින් ය.

තරගයේ පළමු කාර්තුවේදී සිංගප්පූරුව ඉදිරියෙන් සිටි නමුත් ඉතිරි කාර්තු 3දීම සිය අණසක පැතිරවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවාය.

ශ්‍රී ලංකාව, ආසියානු නෙට්බෝල් ශූරතාව මෙවර දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වරට වීම විශේෂත්වයකි.

N 1 229 11
sri lanka won the asian netball championships 2022net gaPHOTO 2022 09 11 17 33 12


ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්


2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබපැතුම් පිළිගන්වයි.

පවතින අභියෝග නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන් තුළ තිබූ සමගිය සහ අපරිමිත කැපවීම නිසා බව ජනාධිපතිවරයා සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන් ඇතුළු ක්‍රීඩාවට ඇල්මක් දක්වන සියලුදෙනාගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට දැරූ පරිශ්‍රමය ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට පමණක් නොව සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් බව ද එම පණිවුඩියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ තුළින් ශ්‍රි ලංකාවට කීර්තියක් අත්කර දීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවත්, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සියලු සාමාජිකාවන්ගේ  ඉදිරි ක්‍රිඩා කටයුතු වෙනුවෙන් තමා ආශිර්වාද කරන බවත් ජනාධිපති වැඩිදුරටත් සඳහන් කර තිබේ.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය