නව ත්‍රස්ත විරෝධි පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන්

සහිතව කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එසේ සිදු නොවන්නේ නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියි.

 දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ අමෙරිකානු නියෝජිත ආයතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් සමග අද පැවැති සාකච්ඡාවේදීය.

මේ අතර විදෙස් වෙළෙඳපොළ පදනම් කරගත් තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකස් කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

දකුණු ආසියාවට අග්නිදිග හා නැගෙනහිර ආසියාවට වෙළෙඳපොළ ආර්ථිකය පුළුල් කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා තාක්ෂණ නවීකරණය සිදු කරන බවත් ඒ ඔස්සේ ද දේශීය කර්මාන්තකරුවා සහ ගොවි ප්‍රජාව නවීන ලෝකයට ගැළපෙන පරිදි තාක්ෂණයෙන් සවිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමන්තා පවර් හමුවේ සඳහන් කර ඇත.

2048 වන විට ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමේ අරමුණින් 2023 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ සහාය අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව තරඟකාරී අපනයන වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය වෙනුවෙන් ස්කොට්ලන්ඩ්යාඩ් සහාය ගැනීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයා එම හමුවේදී වැඩිදුරටත් පවසා ඇත.

xmld

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර්, එහිදී ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථාතත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට අමෙරිකාවේ සහාය තවදුරටත් ලබා දෙන බව ද සමන්තා පවර් සහතික වී ඇත.

තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව ඇය තවදුරටත් පවසා තිබේ.

රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට සහතික වී ඇත. 

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්