හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩබලන

ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව ද නාමල් රාජපක්ෂ කීය.

එය ගොඩනැගීම වෙනුවෙන් දේශපාලන කණ්ඩායම් සමග මේ වන විටත් සාකච්ඡා අරඹා ඇති අතර එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බව ද නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බල කඳවුර කඩා වැටීමට නොදී රැක ගැනීම පිණිසත් ඉදිරි මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමටත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇතැයි ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.

පොදුජන පෙරමුණ ප්‍රධානව ආරම්භ කරන මෙම නව සන්ධානය තුළින් තම පාර්ශ්වයට ජනතාවට ඉටු කළ නොහැකි වූ බලාපොරොත්තු ඉටු කර දීමට කටයුතු කරන බවද රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් පොදුජන පෙරමුණ නායකත්වය ලබා දෙන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

දැදිගම ප්‍රදේශයේ ඊයේ (සැප්. 11දා) පැවැති දේශපාලන වැඩසටහනකදී රාජපක්ෂ මෙම අදහස් දැක්වීය.



 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්