ඉදිරි සති දෙකක කාලය තුළ දිවයිනපුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ ඖෂධ හිඟයක් ඇතිවනු ඇතැයි රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති

අජිත් පී තිලකරත්න පවසයි.

මේ වනවිට පිළිකා නාශක ඖෂධ, හෘද, අපස්මාර, දියවැඩියා, රෝගින් සඳහා භාවිතා කරන ඖෂධවල දැඩි හිඟයක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

එසේම මේ වනවිට පිළිකා රෝගින් සඳහා භාවිත කරනු ලබන ප්‍රාථමික වර්ගයේ ඖෂධ වර්ග අටක් නොමැති බවත් ගැබ්ගෙල පිළිකා, ආහාර මාර්ගයේ ඇති පිළිකා සහ රුධිරගත පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම අකර්මණ්‍ය වී තිබේ.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉන්දියානු ණය අධාර ක්‍රමයෙන් ඖෂධ මිලදී ගන්නා බවත් එම ඖෂධ ඇණවුම් කිරිමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බවටත් රජයේ ඖෂධවේදින්ගේ සංගමය චෝදනා කරයි.

මෙම ඖෂධ ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට විධිමත් වැඩ පිළිවෙළක් නොමැති බවද ඔවුහු සඳහන් කරති.

 

මේ වනවිට අධිරුධිර පීඩනය, දියවැඩියාව, අපස්මාරය වැනි රෝගින්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන් ඔවුන් රෝහල් ගතවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් මේ හරහා ඉදිරියේදි රෝගීන් දැඩි අසිරුතාවයට පත්විය හැකි බවත් රජයේ ඖෂධ වේදින්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරතන්න පවසයි.

 

මෙම ඖෂධ හිගය සම්න්ධයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්තගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ මේවන විට ඖෂධවලි හිඟයක් නොමැති බවත් පසුගිය කාලයේ ඉන්ධන හිඟය හේතුවෙන් ඖෂධ ප්‍රවාහනය කිරිමේ ගැටලු පැවැති බවත්ය.

කෙසේ වුවද ඉදිරියේ රෝහල් සඳහා ඖෂධ බෙදාහැරීම් සිදුකරන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

aruna.lk)


 

 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්