රිමාන්ඩ් බාරයට පත්ව සිටී රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරියට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා අංශය වෙත ගිය අවස්ථාවේ එහි පිරිස මන්ත්‍රිවරිය මිනිත්තු 40 ක කාලයක් පමණ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඇතුලුවීමට ඉඩ ලබා නොදුන් බවට වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට එම බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හරිනි අමරසූරිය ට ද එම අවස්ථාව සලසාදීමට බන්ධනාගාර කටයුතු කර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුමේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනගාරයේ අධිකාරිවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වෙත ලැබී තිබු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනයක් ආරම්භ කර ඇත.




දමිතාට ඇප


ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද  (12) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කල කරුණු  සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙලෙස ලබා ලබා දුන්නේය.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය