theleaderlk 01

පසුගිය මැයි 9 වනදා සිදුවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.



පොලිසිය පවසන පරිදි ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නගර සභා සභාපතිවරයාගේ නිවසට පහර දී අලාභ හානි සිදුකිරීමේ චෝදනාව මතයි.

ඔහු 44 හැවිරිදි හොරණ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

එමෙන්ම කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට සහ ඔහුට අයත් වෙළඳසැලකට ද පහර දී අලාභ හානි සිදුකළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු 37 හැවිරිදි දොරටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කළේ.


මේ අතර 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය පවසන්නේ, මෑත කාලීන විරෝධතාවලට සහභාගී වූ මොරටුමුල්ලේ පදිංචි වඩු කාර්මිකයකු වන රෂේන් චාමිකර ද මෙල් (27), මොරටුමුල්ල පොලිස් ස්ථානයේ දැනූම්දීමකට අනුව එහි පෙනී සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු, රාවතාවත්ත මහේස්ත්‍රාත්වරයා විසින් අද ඇප නියම කරන ලද බවයි.

dsdfsee

xfdee

එසේම, මෑතකාලීන විරෝධතාවලට සහභාගී වූ කුලියාපිටිය ප්‍රදේශයේ තරුණ කම්කරුවෙක් වන අචින්ත ඉමේෂ් පතිරාජ (22) සඳුදා (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳව පැය 5 ක් පුරා ප්‍රශ්න කර ඇති බවද JDS නිකුත්කළ ට්විටර් සටහනක දැක්වේ.

zdfsdf

sdfgsd

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

නවතම පුවත්