ආර්ථිකය පිළිබදව ගනු ලැබූ සියළු වැරදි තීන්දුවලට පාර්ලිමේන්තුවේ සියළුදෙනා ද වග කිව යුතු බව

අවධාරණය කරන ප්‍රකට වෘත්තීය සමිති නායකයකු, 
'' එය නිළධාරීන් පිට පිටවන්නනම්, පාර්ලිමේන්තුවක් මොකටද?'' කියා ප්‍රශ්නකර සිටියි.

එසේ ප්‍රශ්න කරනු ලබන්නේ 'සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය' සභාපති, රවී කුමුදේශ් විසිනි.

ඔහු එම කාරණය තවදුරටත් පැහැදිලි කරනු ලැබුවේ මෙසේය.

''රටේ මහජනතාව අතිශය පීඩාවන්ට පත් කල සියළු වැරදි ආර්ථික තීන්දුවල වගකීම පාර්ලිමේන්තුව විසින් දැරිය යුතුයි. මහ බැංකු හොරකමේ සිට රට බංකොලොත් කිරීම දක්වා මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීන්දු, එම තීන්දු ගනු ලැබූ නිලධාරීන් පිට පටවා අතපිස දා ගැනීමට පාර්ලිමේන්තුවේ කිසිවෙකුට නොහැකි අතර, එම තීන්දු ගැනීමේ මූලික වගකීම ඇති පාර්ලිමේතුව විසින් සිය වගකීම නිසි ලෙස ඉටුකර තිබේද යන්න පිළිබදව අප බරපතල ලෙස ප්‍රශ්ණකල යුතුව ඇත.



පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන වගකිම වන්නේ මූල්‍ය පරිපාලනයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය. ඒ අනුව වාර්ෂිකව මුදල් අනුමැතිය සඳහා අය වැය ඉදිරිපත් කරයි.



''අප්‍රේල් 12 වෙනිදා රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීම බරපතල තීන්දුවක්''

2021 අය වැය ඉදිරිපත් කිරීමේදී, 2022 දී ඩොලර් බිලියන 6.1 ක් ණය ගෙවිමට ඇති බව පිළිබදව පාර්ලිමේන්තුව හොදින්ම දැනුවත්ය.

අප්‍රේල් 12 වෙනිදා රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා. ඒක බරපතල තීන්දුවක්. ඒක කලාම වෙන දේවල්, නොකලාම වෙන දේවල් රටේ සාමාන්‍ය මිනිස්සු දන්නේ නෑ. ඒක ඒගොල්ලන්ට සාමන්‍ය තීන්දුවක් වුණාට, රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතය හෝ මරණය තෝරා ගැනීම වගේ ගැටලුවක්.

මේකෙන් වැරැද්දක් වෙලා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම කියනවා. එහෙමනං ඇයි ඒගොල්ලේ තමන්ගේ වගකීම ඉටු නොකලේ?

මුදල් අමාත්‍යංශය, මහ බැංකුව බොහෝ වෙලාවට විවිධ අයට චෝදනා නගනවා. එයාලා කියනවා Petroleum එක පාඩු ලබනවා කියලා. තව කියනවා Water Board එක පාඩු ලබනවා කියලා. ඊට පසුව කියනවා Air Lanka එක පාඩු ලබනවා කියලා.



අපි අහනවා මහ බැංකුව ලාභද කියලා. ඒකෙන් මෙච්චර කාලෙකට ගත්තු තීරන හරිද කියලා? මුල්‍ය කළමණාකරණයේ අලුත්ම න්‍යායන් ඒක ජාත්‍යන්තරයත් එක්ක හැපෙන්න පුළුවන් න්‍යායික දැනුම අපිට ප්‍රමාණවත්ව තියනවා ද, නැත්තං අපි තාමත් සාපෙක්ෂව 'අරූට වඩා මූ හොදා'  කියන සාම්ප්‍රදායිකයික බලාපොරොත්තු  හදාගෙන තවත් වලේ වැටෙනකන් ඉන්නවාද කියලා අපිට අහන්න වෙනවා.  



මුදල් අමාත්‍යංශය දේශනා කරනවා අනිත් ආයතන වලට වැඩ කරන හැටි. හැබැයි රට බංකොලොත් කිරීමට ක්‍රියා කළ මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කරලා තිබෙනවා.

වර්තමාන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ වැටුප ලක්ෂ 15 ක් පමණ වෙනවා. අනිත් දීමනා සමග ලක්ෂ 25 ක් විතර වැටුපක් ලබනවා. මහ බැංකු අධිපතිවරයා ලක්ෂ 25 ක පමණ වැටුපක් ලබනවා. ඔහුගේ විශ්‍රාම වැටුපකුත් ලැබෙනවහ්. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබනවා ලක්ෂ 10 ක. එහෙම බැලුවම ආයතන අතරේ එවැනි තැනක සේවය කරපු කෙනෙක් මෙවනි තැනක ධූර දරද්දි එය රටට විවිධ ආකාරයට බලපාන්න පුළුවන්.


උදාහරණයක් හැටියට ජාත්‍යන්තරය සමග ඇතිවෙන යම් යම් ආර්ථික තත්ත්වයන් ශ්‍රී ලංකාවට බලපාලා අවසානයේ මහජනයා අමාරුවේ වැටෙනවා. මොකද විදේශ ප්‍රතිපත්තිය නිසියාකාරව හසුරුවන්නේ නැති නිසා. දැන් සමහර අය හිතනවා මේ චින ණය නොගෙවා හැරියේ චීනය තමයි වැඩිම ශ්‍රී ලංකාවේ Invesment කරලා තිබෙන්නේ. ඒ නිසා චිනයට ගහන්න ඕන නිසා Defall කළා කියලා. සමහර අය කියනවා ඒක විදේශ කොන්ත්‍රාත්තුවක් කියලා. අපි දන්නෙ නෑ ඇත්ත නැත්ත. හැබැයි එහෙම කියනවා. මේ තත්ත්වය යටතේ තමයි රට බංකොලොත් කියලා නිවේදනය කළේ.

මෑතකදී දැනගන්න ලැබුණා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහජන නියෝජිතයන්ට දේශනා කළා කියලා රට හදන හැටි. රට හදන්න කළින් මුදල් අමාත්‍යංශය වෙනස් විය යුතුව තිබෙනවා. මහ බැංකු ලෝකයේ වෙනස් වෙලා නමුත් ලංකාවේ වෙනස් වෙලා නෑ. නීති ගොඩක් අවශ්‍ය නැහැ. ඇමරිකා එක්සත් ජනජපදයේ තිබෙන ක්‍රමය ශ්‍රී ලංකාවට ගෙනාව නම් හොඳයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකඟ වෙයි.

ඇමරිකාවේ තිබෙන ක්‍රමවේදය තමයි මහජන පරමාධිපත්‍ය උසස් නිසා මහජනයාගෙන් ලැබෙන යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය අනුව රජයේ ප්‍රතිපත්ති හා මූලධර්ම ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව සතු කාරණයක් නිසා ඇමරිකාවේ කරන්නෙත් අවුරුද්දට තුන් හතර පාරක් ;



ඇමරිකාවේ තිබෙනවා මහ බැංකු 12 ක්. ඊට අමතරව තිබෙනවා ප්‍රධාන මහ බැංකුවක්. මේ සියලු දෙනාම සෙනෙට් මණ්ඩලයට වග කියනවා. පාර්ලිමේන්තුවට වගකියනවා. එයාලට ඕන ඕන මුදල් රෙගුලාසි කරන්න බැහැ. ප්‍රතිපත්තියට අනුකූලව ඒවා සාකච්ඡා කරනවා අවුරුද්දකට තුන් හතර වතාවක්.



ශ්‍රී ලංකාවේ තොරතුරු දෙන්නෙ නැතිව රහස් මූලස්ථානයක් වගේ පිස්සු නටලා රට බිම දාලා තිබෙනවා. මේක බරපතල අවාසනාවන්ත තත්ත්වයක්. සමහර මහජන නියෝජිතයන් පවා තමන්ගේ වගකීම නොදැන මෙවැනි අය ආරක්ෂා කරන්න පෙනී හිටිනවා. අපි දන්නෙ නෑ කවුද මේ වැරැද්ද කළේ කියලා. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. 

 
මේ වගේ වෙලාවක ප්‍රධාන වගකීම තියන පාර්ලිමේන්තුව නිදාගෙන ඉදලා හරියනවද?
 
මහජන නියෝජිතයෝ දන්නෙ නෑ. කිව්වෙ නෑ, කතා කළේ නෑ. වගකීම් ඉෂ්ඨ කරලා නෑ. එහෙම වගකීමක් තියනවා කියලවත් පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ අය දන්නේ නෑ.

 ක්‍රමවේදය ගැනයි අපි මේ කතා කරන්නේ.  දැනගන්න ඕන. සම්පූර්ණ වෙනසක් වෙන්න ඕනේ. System change එකක් අපි ඉල්ලන්නේ. ක්‍රමවේද අනුගමනය කරන්න කියලා අපි කියන්නේ.

ලෝකේ දියුණු රටවල් පාලණය වෙන්නේ පුද්ගලයෝ අතින් නෙවේ. ක්‍රමවේද හරහා. System Change එකකට යන්න, System Apply කරන එක අත්‍යාවශ්‍යයි. අපේ රට තනි තනි පුද්ගලයෝ, ඒ අයට ඕනෑ ඕනෑ හැටියට පාලණය කරන එක තීන්දු ගන්න එක නවත්තන්න ඕනේ. 

විශේෂයෙන්ම මේ  වෙලාවේ මහ බැංකුව තීරණ ගන්න ක්‍රමය නිවැරදිද, ඒක ව්‍යවස්ථාණුකූලද,  ඒ සදහා නිවැරදි දැනුම තියනවාද, නිවැරදි දැනුම පාවිචිචි  කරමින් ඉන්නවාද කියන එක නිත්‍යානුකූලව විසදාගන්න වෙනවා. 
 
 
හොද තීරණ ගන්න නීතියේ හෝ ව්‍යවස්ථාවේ බාධක තියනවානම්, එය ව්‍යවස්ථාණුකූලව නිවැරදි කර ගන්නවා මිස, පෞද්ගලික තීරණ මත රටක් මෙහෙයවා, රටම අමාරුවේ වැටුණාට පසු, බැංකු හොරා, ආර්ථික ඝාතකයා, වගේ දේවල් කිය කියා හිටියා කියලා රට වැටෙන වලෙන් ගොඩ එන්නේ නෑ.
 
 
 
.
 
 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image