දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්‍ෂිතතාවය (Food insecurity) උග්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බවත්, ප්‍රමාණවත් ජීවිතාරක්‍ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් ඔවුන්ගේ තත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) විසින් අද (12) දිනයේ නව වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

dfgdfgrrrrශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාව ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දෙන ලදී.


ජනගහනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින අතර හදිසි ආධාර ප්‍රමාදවුවහොත් ආහාර අනාරක්‍ෂිතතාවය තවදුරටත් උග්‍ර වනු ඇතිබව ද එම ප්‍රකාශනය මගින් අවධාරණය කර තිබේ.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන ලද ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවට (CFSAM Report) අනුව, ආසන්න වාර දෙකක බෝග අස්වැන්න අසාර්ථක විම හේතුවෙන් ආහාර නිෂ්පාදනය 50%ක් පමණ පහත වැටුනු අතර, විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය අඩු විය.


SPECIAL REPORT : FAO/WFP CROP AND FOOD SECURITY ASSESSMENT MISSION (CFSAM) TO THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

විශේෂයෙන්ම මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට් ආහාර අනාරක්‍ෂිතතාවයට පත්ව සිටින පවුල් වලට පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින සමාජ ආධාර යාන්ත්‍රණ ද ඇතුළුව හදිසි ආහාර ආධාර සහ ජීවනෝපාය වැඩ සටහන් වහාම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වාර්තාව සඳහන් කරයි.


ප්‍රධාන ආහාර වර්ග වල විශේෂයෙන්ම වී අස්වැන්න අඩු වීමත් පවතින ආර්ථික අර්බුදයත් නිසා අධාර ලබා දීමක් සිදු නොවුන හොත් 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි අතර කාලය තුළ ඔවුන්ගේ ආහාර සුරක්‍ෂිතතාවය තවදුරටක් පිරිහෙනු ඇතැයි අපේක්‍ෂා කරනු ලැබේ.

''ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තවදුරටත් පිරිහීම වැලැක්වීම සඳහා සහ කෘෂිකාර්මික නිෂ්පාදනය යථා තත්වයට පත් කිරීමට සහාය විම පිණිස, කුඩා ඉඩම් හිමියන් ඉලක්ක කර ගනිමින් ජීවනෝපාය ආධාර ලබා දීම ප්‍රමුඛතාවයක් ලෙස සිදුකළ යුතු වන්නේය,'' යනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් (Vimlendra Sharan) පැවසීය.  

''ජනගහනයෙන් 30%ක් පමණ කෘෂිකර්මාන්තයෙන් යැපෙන බැවින් ගොවීන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම මගින් අවසානයේදී කෘෂිකර්මාන්තයෙන් යැපීමේ හැකියාව ඉහළ නංවනු ඇති අතර, එමගින් විදේශ මුදල් සංචිතයන්ගේ හිඟය නිසා ආහාර අවශ්‍යතා ආනයනය කිරීම අඩු කිරීමටත් කුසගින්න වැඩිවීම වලක්වා ගැනීමටත් හැකි වනු ඇත.'' යනුවෙන්ද ඔහු පැවසීය.

fdfhrඅබ්දුර් රහීම් සිද්දිකී (Abdur Rahim Siddiqui)



''මාස ගණනාවක් තිස්සේ කඩාවැටෙමින් පවතික ආර්ථික ආර්බුදය හමුවේ බොහෝ පවුල් වලට විකල්ප නැති වෙමින් පවතී. ඔවුන් අසරණව වෙහෙසට පත්ව ඇත. පවුල් 60%කට වැඩි සංඛ්‍යාවක් ප්‍රමාණාත්මකව ආහාර නොගන්නා අතර ඔවුන් මිල අඩු සහ පෝෂ්‍යදායී නොවන ආහාර අනුභව කරති. මෙම මුල්‍ය බාධාවන් හේතුවෙන් පාසල් ආහාර වැඩසටහන් සහ මවුවරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ලබා දෙන පෝෂණ වැඩසටහන් අඩු පරිමාණයකින් සිදු කිරීමට යම් අවස්ථාවකදී රජයට සිදුවනු ඇත. ලෝක ආහාර වැඩපිළිවෙලහි ප්‍රමුඛතාවය වන්නේ අවදානමට ලක්ව ඇති ප්‍රජාවගේ පෝෂණය තවදුරටත් පිරිහී යාම වැලැක්වීම සඳහා ක්‍ෂණික ආහාර සහ පෝෂණ ආධාර ලබා දීමය,” යනුවෙන් ලෝක ආහාර වැඩපිළිවෙලහි නියෝජිත සහ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී (Abdur Rahim Siddiqui) පැවසීය.


රජයේ ඉල්ලීමට අනුව, 2022 ජූනි සහ ජූලි මාස අතර තුරදී දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිලිබඳ තක්සේරු මෙහෙයුම් ක්‍රියාවලියක් සිදු කරන ලදී.

මෙහිදී විශේෂයෙන්ම ප්‍රධාන ධාන්‍ය වර්ග ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන මට්ටම් විශ්ලේෂණය කිරීම මෙන්ම ගෘහස්ථ ආහාර සුරක්‍ෂිතතා තත්වයන් තක්සේරු කිරීමටද කටයුතු කරන ලදී.


අස්වනු සැලකිය යුතු ලෙස පහත වැටීම:


ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර සාර්ව ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර, කෘෂිකාර්මික යෙදවුම්, ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය නිෂ්පාදන වල උග්‍ර හිඟය සහ අධික ලෙස මිල ඉහළ යාම, යම් ආර්ථික දැඩි ලෙස අවධානමට ලක්කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහි විශාල ලෙස බාධා පමුණුවා ඇත.  


ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය 2022 දී මෙට්‍රික් ටොන් මිලියන 3ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එය 2017 දී නියඟය නිසා ඇතිවූ බලපෑම හේතුවෙන් අඩු අස්වැන්නක් ලබා ගැනීමෙන් පසු වාර්තාවන අඩුම අස්වැන්න වනු ඇත. මෙම තත්වයට හේතු වී ඇත්තේ පොහොර යෙදීම අඩුවීම බව වාර්තාව අනාවරණය කරයි.

gfhfසත්ව ආහාර ලෙස බහුල වශයෙන් භාවිතා කරන බඩ ඉරිඟු නිෂ්පාදනය පසුගිය වසර පහක සාමාන්‍යයට වඩා 40%කින් අඩුවී ඇත.

සත්ව ආහාර ලෙස බහුල වශයෙන් භාවිතා කරන බඩ ඉරිඟු නිෂ්පාදනය පසුගිය වසර පහක සාමාන්‍යයට වඩා 40%කින් අඩුවී ඇති අතර එය කුකුළු මස්, බිත්තර සහ අනෙකුත් පශු නිෂ්පාදන කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.

එමෙන්ම, එළවලු, පලතුරු, තේ, පොල්, රබර් සහ කුළුබඩු වැනි අපනයන බෝග නිෂ්පාදනයද සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු පට්ටමක පැවතීම පවුල් වල ආදායමේ සහ අපනයන ආදායමේ සැලකියයුතු අඩුවීමක් ඇති කිරීමට හේතු වී තිබේ.



බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් 2021 අවසාන කාර්තුවේ සිට ක්‍රමිකව ඉහළ යමින් තිබෙන අතර 2022 අගෝස්තු මාසයේදී වාර්තාගත ඉහළ මිල මට්ටම් කරා ළඟා වූ අතර, ආහාර උද්ධමනය වසරක් තුළ 94%කින් ඉහළ ගොස් ඇත.

 

2022 වසරේ මුළු ධාන්‍ය ආනයන අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.2 ලෙස ගණන් බලා ඇත.

2022 පළමු මාස හය ඇතුලත ධාන්‍ය මෙට්‍රික් ටොන් 930,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත.

ආනයනික අවශ්‍යතාවය සපුරා ගැනිම සඳහා තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.27ක් ආනයනය කළ යුතුව ඇත.

පවතින සාර්ව ආර්ථික අභියෝග ශමුවේ ඉතිරි ආනයන අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වීමේ ඉහළ අවදානමක් පවතින්නේය.



මෙහෙයුම් නිර්දේශ :

# ආහාර  හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර වැඩපිළිවෙලහි ඒකාබද්ධ මෙහෙයුමෙහි ප්‍රධාන නිර්දේශ වන්නේ ගැබිණි සහ මව් කිරි ලබා දෙන මව්වරුන්, කාන්තා මූලික පවුල් සහ ආබාධිත පුද්ගලයින් ඇතුළු අවදානමට ලක්විය හැකි සහ ආන්තික ප්‍රජාවන්ට ඔවුන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා ක්‍ෂණික ද්‍රව්‍යමය සහ/හෝ මුදල් පදනම් කරගත් ආධාර සැපයීමයි.

# කුඩා ඉඩම් හිමියන් කෙරෙහි අවධානය යොමු කරමින් පොහොර ඇතුළු කෘෂි යෙදවුම් කඩිනමින් ලබා දීමටද වාර්තාව නිර්දේශ කරයි.

# ආහාර බෝග ඵලදායක ලෙස වගා කිරීම, අස්වනු නෙලීම, සැකසීම සහ ප්‍රවාහනය සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන අතරම, ඔවුන්ගේ පෝෂණ තත්වයන් ඉහළ නැංවීම සඳහා ගෙවතු වගාව ස්ථාපිත කිරීමට සහාය වීමේ අවශ්‍යතාවය ද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

# ආහාර හිඟයේ බලපෑම අවම කිරීම සඳහා පශූ සම්පත් හිමිකරුවන්ට, විශේෂයෙන්ම එළකිරි, කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනය සිදු කරන්නන්ට ඉහළ පෝෂණ තත්වයෙන් යුතු සත්ව ආහාර, එන්නත් සහ පශූ සෞඛ්‍ය කට්ටල සහන මිලට ලබා දීමට ද වාර්තාව යෝජනා කරයි.

# අරමුදල් හිඟකමින් නැවතී ඇති පාසල් ආහාර වැඩසටහන වැනි ජාතික පෝෂණ වැඩසටහන් නැවත ආරම්භ කිමට සහ අඛන්ඩව පවත්වා ගෙන යාමට සහාය දැක්වීමද ප්‍රමුඛතාවයක් ලෙස ඉස්මතු කර දක්වා ඇත.


About FAO:


The Food and Agriculture Organization of the United Nations (FAO) leads international efforts to defeat hunger. It helps countries modernize and strengthen agriculture, forestry, and fisheries practices, making them more
sustainable and ensuring food security & nutrition for all. FAO focuses special attention on developing rural areas, home to the majority of the world's poor and hungry people. For more information visit: www.fao.org or follow FAO on Twitter @FAOnews @FAOknowledge


About WFP:


The United Nations World Food Programme is the world’s largest humanitarian organization, saving lives in emergencies and using food assistance to build a pathway to peace, stability and prosperity for people recovering from conflict, disasters and the impact of climate change. Follow us on Twitter @wfp_media @WFPAsiaPacific



For more information please contact:

Dilshani Dias, FAO Sri Lanka, Communications, Tel: +94 77 015 2424 | Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Irina Utkina, FAO News and Media (Rome) Tel: +39657052542 | Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

FAO News and Media Tel: (+39) 06 570 53625 | Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Tanya Jansz, WFP Sri Lanka, Communications | Tel: +94 7691 02462 | Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

James Belgrave, WFP Media | Tel: +39 3665294297 | Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්