ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගෙන් තම සන්ධානය සහයෝගය ලබා දෙන්නේ කවුරුන්ටදැයි තවමත්

තීරණය කර නොමැති බවත්, එය ලබන සතියේදී අනාවරණය කළ හැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසිය.

ඊයේ  (ඔක්තෝබර් 31)  ප්‍රකාශයට පත් කරන ලද සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමන්ට කියවීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු කීය.

මේ අතර දෙමළ මහජන සන්ධාන නායක උතුරේ හිටපු මහඇමති සී.වී.විග්නේශ්වරන් පැවසුවේ, දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලීම් 13 ක් පසුගියදා ජනාධිපති අපේක්ෂකයන්ගේ අවධානයට යොමුකිරීමේදී ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවකින් තොරව කඩිනමින් ප්‍රතිචාර දක්වමින් එය ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර අනෙක් අයගෙන්ද ඊට ප්‍රතිචාර නොලැබීම හේතුකොටගෙන සුළු ජාතිකයන් සම්බන්ධයෙන් සංවේදී නොවන සිංහල අපේක්ෂකයන්ට ඡන්දය ලබාදීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

දමිළ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරනු ඇති අතර ඔවුන් ඡන්දය වර්ජනය කිරීමක් සිදු නොකරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

(රාවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්