theleaderlk 01

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති

ශෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් වෙත ලිපියක් යවා ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා වශයෙන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය ශයික් අබ්දුල් බින් සයිඩ් වෙත අබුඩාබියේදී හමුවූ අවස්ථාවේදී මෙම ලිපිය භාර දුන් බව වාර්තා වේ.

දෙරට අතර සබඳතා වැඩිදියුණු කර ගනිමින් විවිධ ක්ෂෙත්‍ර ඔස්සේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට තිබෙන අවස්ථා පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති අතර කලාපීය සහ අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සහ ඒහා සබැඳිව ඇති ගැටලු පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

දෙරට අතර ඇති කීර්තිමත්  ද්විපාර්ශවීය සබඳතා  ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා පරිසර අමාත්‍යවරයාව ශෙයික් අබ්දුල් මහතා විසින් උණුසුම් ලෙස පිළිගත් බව ද දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළ ශ්‍රී ලංකා පරිසර අමාත්‍යවරයා කලාපීය සහ ජාත්‍යන්තර  වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීයාකාරීත්වය අගය කර ඇතැයි ද වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී මේධාවි පීරිස් ද මෙම සාකච්ඡා සඳහා සහභාගී වී ඇත.

CGHDHG

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

නවතම පුවත්