අවුරුදු 20 - 25 ක් තිස්සෙ දේශපාලන පක්ෂ ඇවිල්ලා මේ රටේ හිඟමනේ යන දේශපාලනයක් ඇති කළා. ඒ්ක තමයි රටට වුණ අපරාධය. සියලු දෙනා එකතු වෙලා මේ තත්ත්වය වෙනස් කළ යුතු යැයි හිටපු මුදල් අමාත්‍ය

රවී කරුණානායක පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ Chatham Street Tv youtube චැනලය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.

එහිදී රාජ්‍ය සේවයේ ආර්ථික බලපෑම පිළිබඳව කරුණු දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ජනප්‍රිය දේ පසෙකලා හරි දේ කළයුතු බවත්, එජාප ආණ්ඩු සමයේ හරි දේ කරන්න ගිහින් වසර දෙකකින් ආණ්ඩුවට ගෙදර යාමට සිදුවූ බවත් ජනප්‍රිය දේ කරන්න ආපු ආණ්ඩුව ලක්ෂ හතරක් රජයේ සේවයට එකතු කළ බවත් ය. එසේ රාජ්‍ය සේවයට එකතු කරලා ආණ්ඩුවේ ජනප්‍රිය භාවය හදාගත්තට ඒක රටේ හොඳට හේතු නොවුණු බවයි.

 වෙනත් රටවල්වල රාජ්‍ය සේවය 40 ට එකක් වන නමුත් ලංකාවේ 13කට එකක් ලෙස ඉන්නා බවත්, ඒක වෙනත් රටවල් එක්ක බැලුවොත් හතරගුණයකට වඩා වැඩි යැයි ද පැවසීය.

ලක්ෂ 17ක් වූ රාජ්‍ය සේවය නඩත්තු කරන්න රටේ බදු මුදලින් 84%ක් පමණ වැය වන බවත් ඉතිරි 16%න් රටේ ණය ගෙවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, වර්තන වියදම් සියල්ලම කරන්න වෙලා තියෙනවා. මෙතනදි තේරුම්ගත යුතු දේ තමයි, මේක හරි විදිහට අඩුවෙලා ඒ ඉතුරු මුදල ලංකාවේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධියට යොදවන්න ඕන කියලා. ඒ නිසා අපි බලන්න ඕන,  අපි ලක්ෂ 17ක් ආරක්ෂා කරනව ද? මිලියන 20ක් ආරක්ෂා කරනව ද කියන කාරණය.අපි මිලිනය 20 ආරක්ෂා කරනවා නම් රාජ්‍ය සේවය උපරිම ඵලදායිතාවයක් ඇති සේවයක් බවට පත්කළ යුතුයි.

සම්පූර්ණ වීඩියෝව පහතින්...

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්