ජීවන් කුමාරතුංග ගේ දියණිය වන මල්ෂා කුමාරතුංග මත්ද්‍රව්‍ය තොගයක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට හසුවී

ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, එම පුවත් පළකර ඇති සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවත් පොලිස් මුලස්ථානය පවසයි.

ඇය සතුව කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 02ක් තිබී ඇති බවත්, එම අවස්ථාවේදී ඇයව බේරා ගැනීම සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැදිහත්ව ඇති බවත් එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් liveat8.lk වෙබ් අඩවිය කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මල්ෂා කුමාරතුංග කියා සිටියේ එම සිදුවීම වූ බව පැවසෙන වේලාවේ තමා නිවසේ නින්දේ පසු වූ බවයි.

එසේම මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද(14) පස්වරුවේ විශේෂ නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිත බවද ඇය ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියෙන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.

එසේම මේ පිළිබඳව කළ විමසීමකදී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුයේ මේ පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තමා පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කළ බවත් දිව්රුම් ප්‍රකාශයක් බාරදී ඇති බවත්ය.

මෙම පුවත් නිර්මාණය සම්බන්ධයෙන් ඔහුගේ චෝදනාව එල්ලවී ඇත්තේ සමගී ජන බලවේගය වෙතයි.

PHOTO 2022 09 14 16 13 44 1PHOTO 2022 09 14 16 13 45PHOTO 2022 09 14 16 13 45 1sajbPHOTO 2022 09 14 16 13 46
PHOTO 2022 09 14 16 13 43


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image