theleaderlk 01

ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර හෝ තනතුරු ලබානොගනු ඇතැයි ස්ථිරවම ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පස් දෙනෙකු

පිළිබඳ පමණක් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඔහු එබව කියා සිටියේ, 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමිනි.



අමාත්‍ය ධූර ලබාගැනීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම කුමක්ද ?



රාජ්‍ය අමාත්‍යවරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිව්රුම් දීමත් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්
පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස තවදුරටත් අඩු වී ගොස් තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කැබිනට් අමාත්‍ය ධුර දරන අතර රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේෂ් රාගවන්, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන් පසුගිය 08දා දිනයේ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේය.

මේවනවිට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමග ඉතිරිව සිටින්නේ ශාන් විජේලාල්, දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පමණි.

ඉදිරියේදී සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී දුමින්ද දිසානායක ද කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර ඊයේ 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනේදී දුමින්ද දිසානායක සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් නොකළේය.


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W