රජයේ බදු ආදායමෙන් 84%ක් ගිලින්නේ රාජ්‍ය සේවය විසින් බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක
පැවසීය.
බදු ආදායමෙන් රාජ්‍ය සේවය නඩත්තු කිරීම හැරුණු කළ අනෙකුත් සියලුම කටයුතු සඳහා වැය කිරීමට සිදුව ඇත්තේ 16% බව ද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලක්ෂ 17ක රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා පමණක් සුරක්ෂිත කරනවා ද නැතිනම් මිලියන 20ක ජනතාව නඟා සිටුවනවා ද කියා තීරණය කළ යුතු කාලය එළැඹ ඇතැයි ද කරුණානායක කීය.
රට ගොඩනගා ජනතාව සවි බල ගැන්විය හැක්කේ, ජනප්‍රිය දේ කිරීමෙන් නොව නිවැරදි දේ කිරීමෙන් බව පැවසූ රවී කරුණානායක, යහ පාලන ආණ්ඩු කාලයේ දී එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේ ඒ ප්‍රතිපත්තියට අනුව යැයි ද සඳහන් කළේය.
රට බාහිර ලෝකයෙන් හිඟා කෑමට ලක් කළ වසර විසි පහක පමණ වූ දේශපාලන ඉතිහාසය අවසන් කර, රට ස්වයං පෝෂිත කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද, ඒ වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහ තුන් දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටින අතර එම තත්ත්වය අනෙකුත් රටවලට වඩා හතර ගුණයකින් වැඩි බව ද පෙන්වා දෙන රවී කරුණානායක, රට-ජනතාව සහ නූපන් අනාගත පරපුර එක්ක අවස්ථාවාදී දේශපාලන නොකළ යුතු බව ද අවධාරණය කර සිටියි.
ඔහු එබව කියා සිටියේ, Chatham Street Tv youtube චැනලය හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.