දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් සාමකාමී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන්

ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ සතිය උතුරේ ආරම්භ වී තිබේ.


මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ 35 වැනි මරණ සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 15  වැනි බ්‍රහස්පතින්දා පැවැත්වුණු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

දෙමළ ජනතා නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් පැවැති අනුස්මරණය උත්සවය "මහාවීර පන්ඩිදර්" ගේ මව විසින් උදෑසන 9.45 ට පහන් පත්තු කරමින් ආරම්භ කර තිබුනේ තිස් පස් වසරකට පෙර තිලීපන් උපවාසය ආරම්භ වේලාව සිහිපත් කරමිනි.

ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උපවාසය ආරම්භ කළ ස්ථානයේ " මහාවීර තමිල්ඊලවන්" ගේ මව විසින් පහන් දැල් වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

35 Thilipan 3

35 Thilipan 2

35 Thilipan 1

අද දකුණේ අරගලකරුවන් පෙළීමට යොදාගෙන තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 35 වසරකට ඉහතදී දිලීපන් සටන් වැදී තිබුණි.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

යාපනයේ සරසවි සිසුන් ද ඊයේඋදැසන 9.45 ට සරසවි භුමිය තුලදී ත්‍යාගී තිලීපන් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබුනි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ සහ සර්ව ජන යුක්ති සංවිධානය එක්ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා දියත් කරමින් සිටින දීප ව්‍යාප්ත ජංගම විරෝධතාවය අද මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි වෙත ලගා වු අතර එහිදී ඔවුන්ද ඉටි පන්දම් දල්වමින් ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ කිරීමට කටයුතු කර තිබුනි. 

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්