මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති සීමිත රියැදුරු බලපත්‍ර විදෙස්ගතවන නව බලපත්‍ර ලාභීන්ට පමණක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.



සෙසු බලපත්‍ර අයදුම් කරුණු සඳහා දැනට ඇති බලපත්‍රය වලංගු කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

එසේ බලාපොරොත්තු වන අයදුම්කරුවන් කාල සීමා දීර්ඝ කිරීම සඳහා අයදුම්කරුවන් පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය හෝ කොළඹ වේරහැර කාර්යාලය පැමිණීමෙන් කර ගැනීමට හැකි බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රියදුරු බලපත් මුද්‍රණ කාඩ්පත් ලක්ෂ හතර හමාර කොටසක් ඕස්ට්‍රියානු සමාගමකින් ඇනවුම් කර ඇති අතර ඒවා ඉදිරි සතියේදී මෙරටට ලැබෙන්නේ නියමිත බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


කොමිස් ප්‍රශ්නයක් නිසා යටගැසූ රජයේ මුද්‍රණාලයේ යෝජනාව !

 

රියදුරු බලපත් රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර සැපයීම සඳහා අනුමැතිය ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරායව සිටි 2019 වසරේ දී කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබිණ.

 

ඒ අනුව, එවකට මුදල් අමාත්‍යවරයා ව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මේ සඳහා පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණ වාර්තාවක් ( Cost-benefit analysis)
මුදල් අමාත්‍යංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණ.

ඒ අනුව, 2021 ජුනි මස වනවිට ර‍ට අදාල සම්පුර්ණ වාර්තාවක් රජයේ මුද්‍රණාලය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.

ඒ මත ක්‍රියාත්මක වෙනවා වෙනුවට පෙර පරිදිම විදෙස් මුද්‍රණාලවලින් රියදුරු බලපත් කාඩ් ගෙන්වා ගැනීමට එම පත් ගෙන්වා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ.


ඩොලර් අර්බුදයෙන් මතුවුණ අලුත් අර්බුදය !



ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් වලින් ගෙන්වනු ප්ලාස්ටික් කාඩ්පත් ද නියමිත වෙලාවට ගෙන්වා ගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසමත්වීමෙන් මේවනවිට රියදුරු බලපත‍්‍ නිකුත් කිරීම නැවතී ඇත.

 

රජයේ මුද්‍රණාලය විසින් ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ලබාදී තිබු වාර්තාවේ සඳහන් ඇත්තේ, රේඩියෝ සංඥා පහසුකම් සහිත රියදුරු බලපත්‍රයක් ලාභය ද සහිතව රුපියල් දෙසීයකට ( 200/=) මුද්‍රණය කර ලබාදිය හැකි බවයි. එම අවස්ථාව වනවිටද කාඩ් පතක් ආනයනය කර ඇත්තේ රුපියල් තුන්සිය පනහකටය (350/-) .

 

වාර්ෂිකව රුපියල් බිලියනයකට වැඩි මුදලක් විදෙස් මුද්‍රණාලවලට !


ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් හා රියදුරු බලපත් මුද්‍රණය කර සැපයීම සඳහා රජය වර්ෂයකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් විදේශ මුද්‍රණාලවලට ගෙවනු ලබයි.

මේ අතර මේවනවිට රජයේ මුද්‍රණාල සේවකයින් දීමනා හා අතිකාල කප්පාදු කර තිබේ. පසුගිය දිනක රජයේ මුද්‍රණාල සේවකයින් මේ පිළිබඳව විරෝධය පළකරමින් ජනමාධ්‍ය ලේකම්වරයා වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

එහිදී  බලධාරීන් සඳහන් කරන්නේ රජයේ මුද්‍රණාලයට ආධායම් නොමැති හෙයින් දීමනා කප්පාදු කිරීමට සිදුව ඇති බවයි.

රජය මුද්‍රිත ද්‍රව්‍ය විදෙස් රටවලින් මුද්‍රණය කිරීමට කටයුතු නොකර රජයේ මුද්‍රණාලයෙන් එම කටයුතු සිදුකරනු ලබන්නේ  නම්, ඩොලර් සංචිත පිලිබඳ අර්බුදයට සහනදායි ක්‍රියාමාර්ගයක් මෙන්ම මුද්‍රණාල සේවකයින්ගේ දීමනා අර්බුදයට ද පිලියමක් වනු ඇතිබව එහි වෘතිය සමිති පවසති. 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්