දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවටත්, ත්‍රස්ත පනත අහෝසි කරන බවටත්,

ජනාධිපතිවරයා පොරොන්දු ලබා දී තිබියදී ත්‍රස්ත පනත අහෝසි කළ නොහැකි සේම ඒ යටතේ සිරගතව සිටින සිරකරුවන් නිදහස් කළ නොහැකි බව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු අවධාරණය කර තිබේ.

''ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරලා රට බෙදන්න හිතන ත්‍රස්තවාදීන්ට කෑම දෙන්න ඕනේ නැහැ,'' යැයි  නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.

ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින දෙමළ සිරකරුවන් දහතුන් දෙනකු විසින් තමන් නිදහස් කරන ලෙස කොළඹ මැගසින් බන්ධනාගාරයේ දැනට දින 10ක් තිස්සේ පවත්වාගෙන යන උපවාසය හා ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ උතුරේ කන්කසන්තුරෙයි සිට දකුණේ හම්බන්තොට දක්වා ත්‍රස්ත පනත අහෝසි කරන ලෙස ඉල්ලා දියත් කර ඇති අත්සන් ව්‍යාපාරය ගැන මාධ්‍යයට සිය අදහස් දක්වමින් ඇමැති රණතුංග මේ බව සඳහන් කරයි.


''හිරගෙවල් වල ඉන්න ත්‍රස්තවාදීන්ව නිදහස් කරන්න බැහැ. ත්‍රස්තවාදීන් හා අරගලකරුවන් මර්දනය කරන්න PTA තියෙන්න ඕනෑ.''

''මේ පනත අහෝසි කරන්න කියලා උතුරේ ඉදන් පටන් අරන් තියෙන අත්සන් ව්‍යාපාරයට අපේ විරෝධය පළ කරනවා. සැකයක් නැහැ ජිනීවා සමුළුව මුල් කරගෙන රට පුරා යන්න පටන් අරන් තියෙන්නේ.''


කන්කසන්තුරේ සිට හම්බන්තොට දක්වා දියත් කර තිබෙන ත්‍රස්ත පනතට එරෙහිව අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයේ හය වැනි දිනය ඊයේ [15] මුලතිව්, මල්ලාවියේදී පැවැත්විණි.

lsksg

මේ අතර දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන නායකයන්ට ලබා දුන් පොරොන්දු තවත් රැවටීමක් යැයි 'හඬක් නැතිවුන්ගේ හඬ' සංවිධානය පවසයි.
 

''රන්ජන් රාමනායකට ජනාධිපති පොදු සමාවක් දීලා නිදහස් කරත්, දෙමළ දේශපාලන සිරකරුවන් ගැන කිසිම දෙයක් කරලා නැහැ. ජාතික සිරකරුවන්ගේ දිනය වෙනුවෙන් 417 ක් නිදහස් කළා. ඒත් ඒකට එකදු දෙමළ දේශපාලන සිරකරුවෙක් ඇතුලත් නැහැ. දෙමළ දේශපාලන සිරකරුවන් හතළිස් හයදෙනා නිදහස් කරන අපේක්ෂාවෙන් හිටියේ ජනාධිපතිගේ පොරොන්දුව නිසා දැන් ඒකත් රැවටීමක්,'' යැයි 'හඬක් නැතිවුන්ගේ හඬ'සංවිධානයේ සම්බන්ධිකාරක මුරුගයියා කෝමගන් සඳහන් කළේ යාපනය මාධ්‍ය සමාජයේදී  ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතමින්.

''මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ ඉන්න තරුණයන්ගෙන් හය දෙනෙකුගේ සෞඛ්‍ය තත්වය භයානක නිසා බන්ධනාගාර රෝහලට ඇතුලත් කරලා තියෙනවා. ඒ ගැන ඒ අයගේ ඥාතින් ඉන්නේ හරිම කනස්සල්ලෙන්.''

(සේයා: ෂන්මුගම් තවසීලන්)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්