theleaderlk 01

උතුරේ දශක ගණනක සිටත්, දකුණේ මෑතකදීත් ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනත් නමකින් හඳුන්වා දීමේ ආණ්ඩුවේ සැලසුමක් ගැන ප්‍රකට දෙමළ නිතිවේදියෙක් අනතුරු අඟවා තිබේ.

''ත්‍රස්ත පනතේ අඩංගු බයංකාර වගන්ති කිසිවක් වෙනස් නොකොට ජාතික ආරක්ෂක පනත ගෙන එනවා. ත්‍රස්ත පනතේ නම පමණක් වෙනස් වෙලා තියෙන්නේ,'' යැයි ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නීතිඥ තවරාසා පෙන්වා දෙන්නේ, ත්‍රස්ත පනත දිගටම ක්‍රියාත්මක වීම ගැන විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන පීඩනය හමුවේ ඒ වෙනුවට ජාතික ආරක්ෂක පනත ගෙන එන බවට ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බවයි.

මේ පිළිබඳව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ සඳහන් කර තිබේ.

නව පනත 'ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල' වන ලෙස සකස් කිරීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවෙන් ද නිර්දේශ කර ඇත.



1947 වසරේදී ගෙන එනු ලැබූ මහජන ආරක්ෂක පනත, 1979 හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ආදියේ අඩංගුව තිබු මහජන පීඩාකාරී වගන්ති ඇතුලත් කොට ජාතික ආරක්ෂක පනතක්‍රියාත්මක කිරීමට යන බව නීතිඥ තවරාසා පෙන්වා දෙයි.


''මෙහි කිසි වෙනසක් නැහැ PTA එක වෙනත් නමකින් එන්නේ. යහපාලනය ආණ්ඩුව කාලේ ජිනීවා දක්වාම ගියේ PTA අහෝසි කළ යුතුයි කියලා. එහෙම කරපු අයට අද වුනු දෙයක්. පනතේ භයානක වගන්ති ඉවත් කරනවා කියලා ඒවා එහෙම තියාගෙන නම විතරක් වෙනස් කරනවා.''

''අලුත් ජාතික ආරක්ෂක පනත  PTA එකට වඩා භයංකර වෙන්න පුළුවන්.''

කාලයක් ත්‍රස්ත පනත වෙනස් කර ප්‍රතිත්‍රස්ත පනත (CTA) ගෙන ඒමේ ප්‍රයත්නයක යෙදුනු එවකට අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මේ ආණ්ඩුවේ ද අධිකරණ ඇමැතිවරයා වේ.

''ජාතික ආරක්ෂක පනත ගෙන ඒම ත්‍රස්ත පනත අහෝසි කරන බවට කරන ජාත්‍යන්තරය රැවටීමේ ආණ්ඩුවේ උප්පරවැට්ටියක්. අනෙක් පැත්තෙන් රාජ්‍යට විරුද්ධව හඬ නගන අයට එරෙහිව ආරක්ෂක වළල්ලක් ගොඩ නැගීමක්.''

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

නවතම පුවත්