එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරටද ජනාධිපතිවරණ ජන හමුවක දී හූ තැබීමක් සිදු විය.

මෙය සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන හමුවකදීය.

මෙසේ 'පොහොට්ටු' වේදිකාවට ගොඩවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ සංග්‍රහ ලැබෙන්නේ, 'පොහොට්ටුව' සමග එක් වූ කිසිදු ශ්‍රී ලනිප සාමාජිකයෙකුට හූ තොනබන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ හා 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්‍ෂ විසින් සිය පක්‍ෂ සාමාජිකයන් වෙත අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබියදීය. 

වීඩියෝ

ඒ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙම රැස්වීම අමතන අවස්ථාවේදී ද රැස්ව සිටි බීමත් පිරිස් කෑකෝ ගසමින් බාධා කළ අතර ඔහුද අතරමැද දී සිය කතාව නිමා කලේ, මින් ඉදිරියට සවස රැස්වීම නොතියන බව කියමිනි. 

මින් ඉදිරියට රැස්වීම තබන්නේ උදැසන පමණක් බව විපක්ෂනායක වරයා එහිදී සඳහන් කළේය. විපක්ෂ නායකවරයාට එසේ පැවසීමට සිදුවුයේ රැස්වීමට සහභාගිව සිටි බොහෝ දෙනෙකු අධිකලෙස මත්පැන් පානයකර තිබීම නිසාය.

මෙම රැස්වීමට සහභාගී වුවන්ට ජෝනිගේ තැබෑරුම්වලින් අරක්කු පැකට් නොමිලේ ලබාදී තිබු බව වාර්තාවේ.

වීඩියෝ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්