කොළඹ මැගසින් බන්ධනාගාරයේ දස දිනක් තිස්සේ අඛන්ඩ උපවාසයක යෙදී සිටින දෙමළ දහතුන්

දෙනකු ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස බල කරමින් නැගෙනහිර පළාතේ උපවාසයක් ආරම්භ කර තිබේ.


මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට සැප්තැම්බර් 16  වැනි සිකුරාදා පෙරවරුවේ ආරම්භ කළ එක්දින සංකේතාත්මක උපවාසයට ආගමික නායකයන්, දෙමළ ජනතා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සිටින බවයි පළාත් බද වාර්තාකරුවන් වාර්තාකරුවන් පවසන්නේ.
IMG 8996



උපවාසය සදහා මඩකලපුවේ සියළු ජනතාවට සම්බන්ධවන ලෙස ඉල්ලා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන් සදහන් කළේ කිසිදු නඩු ගොනු කිරීමකින් තොරව රදවාගෙන සිටින සිරකරුවන් දහතුන්දෙනා අතුරින් කිහිප දෙනෙකු මේ වන විටත් රෝහල් ගත කර ඇති බවයි.

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරය පැවැත්වෙන මොහොතක පවා උපවාසකරුවන් කෙරෙහි රජයේ අවධානය යොමු කර නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

'' මානව හිමිකම් කොමිසමේ වැඩ කටයුතු යන කාලවකවානුවේදීවත් රජය තාම ඔවුන් නිදහස් කිරීම පිළිබද කිසිදු  ඇක්ෂන් එකක් අරන් නැ. ''

එස්. උදයසිවම්, යූ. උමාසුදන්, එම්. පාර්තීබන්, එල්. ඉම්බරාජ්, වයි. රොබින්සන්, ආර්. සයන්දන්, පී. නගුලේස්වරන්, එස්. සුදාහරන්, යූ. සතීස්කුමාර්, එස්. සසීදන්, ආර්. විවේකානන්දන්, වයි. ඩඩ්ලි සහ එල්.අජන්තන් යන දේශපාලන සිරකරුවන්  දහ තුන් දෙනා අද වන විට එකොලොස් වැනි දිනටත් කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටිති.



උපවාසයේ යෙදී සිටින්නන්  අතරින් 2019-2020 සමයේ අත් අඩංගුවට ගන්නා ලද දෙදෙනෙක් යුද සමයේ වයස අවුරුදු අටේ පසුවූ අය බව පාර්ලිමේන්තුවේදී පසුගියදා කියා සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පසුගියදා පෙන්වා දුන්නේ ඔවුන් යුද්ධය පිළිබඳව නිසි අවබෝධයකින් හෝ පසු නොවූ අය බවයි.




ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් මඩකලපුවේ උපවාසයේ නිරතව සිටින පිරිස ඉල්ලා සිටිති.

උපවාසික දෙමළ සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් ඉකුත් සතියේ යාපනයේද විරෝධතාවක් පැවැත්විණි. 

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්