පොලිසියෙන් සියයට අනූ අටක් හමුදාවෙන් සියයට අනූ අටක් විශ්‍රාමික රණ විරුවන්ගෙන් සියයට සීයක් සිටින්නේ අරගලය පැත්තේ බවත් මේ දේශපාලන කෙළි සියල්ලම අවුරුදු දෙකකින් නිමාවෙන බවත්
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (16) හයිඩ් පිටියේ  සංවිධානය කළ විරෝධතා රැළිය අමතමිනි.

''පොලිසියෙන් සියයට අනූ අටක් හිටන් ඉන්නෙ අරගලය පැත්තේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් ඉන්න පොලිසියෙ සුළුතරය මූණු අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ  කාලෙ තව අවුරුදු දෙකයි. අපි දැක්කා වාස් ගුණවර්ධන කොහොමද නැටුවෙ. අනුර සේනානායක කොහොමද නැටුවෙ කියාල. කොහොමද ඒ අය ගෙදර ගියෙ කියලත් දැක්කා.“

''කිසි දේකට බය වෙන්න එපා. නැවත කියනවා… පොලිසියෙන් සියයට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවල සියට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවෙන් විශ්‍රාම ගිය සියයට සීයක් අපි එක්ක ඉන්නවා. '' ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසිය.

මෙම රැලියට සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පොහොට්ටුවෙන් වෙන් වී ගිය ඩලස්ගේ 'නිදහස' කණ්ඩායම නියෝජනය කරන නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු දේශපාලකයින් මෙන්ම වෘත්තීය සමිති නායකයින් වන වසන්ත සමරසිංහ, ජෝශප් ස්ටාර්න් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

SF 2022.09.17
මෙතැනට පැමිණියත් මේ තමන් මේ ජන හමුව අමතන්නේ නිර්පාක්ෂික පුරවැසියෙක් ලෙස බව පැවසු ෆීල්ඩ් මාර්ෂල්වරයා, පක්ෂ පාට භේද නැතිව ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් එක් විය යුතු කාලය එළඹ ඇති බව සඳහන් කළේය.

දුර්දාන්ත නීති භාවිතයට සහ රාජ්‍ය මර්දනයට එරෙහිව @IUSFSL විසින් කැඳවන ලද මෙම ජන රැලිය අමතමින් සරත් ෆොන්සේකා තවදුරටත් මෙසේ ද පැවසීය.



''රට වෙනුවෙන් දැක්මක් සහිත උන් පාර්ලිමේන්තුවේ නෑ. ඔබ ඉල්ලන වෙනස ඔය පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න යම් චින්තනයක් බුද්ධියක් තියන අය එය තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා තමයි යම් වසන්ත බණ්ඩාර වැනි මන්ත්‍රීවරු අද මෙතන ඉන්නේ. “


“මේ අරගලය මාර්තු මාසයෙ පටන් ගත්තු දවසෙ ඉඳලා මා ඊට ආශීර්වාද කළා. ඉදිරියටත් කරනවා. ඒක මම කළේ පාට පක්ෂ භේදයක් නැතිව.“

“අරගලය කඩා වැටුනේ අරගලයට නායකයෙක් හිටිය නැති නිසා නෙමෙයි. අරගලයට අඩිතාලමක් තිබුණේ නෑ. අනිවාර්යයෙන් ඉදියේ දි මේ අරගලයට වෛද්‍යවරු උගත්තු නීතිඥවරු ව්‍යවසායකයින් ඇතුලු සියලු දෙනාම එකතුවෙලා අඩිතාලමක් දාන්න ඕන. එහෙම කළොත් අරගලයේ දරුවන්ට ඉස්සරහට යන්න පුලුවන්. ගෙදරක දෙමව්පියො වගේ මේ අරගලය පසුපස වැඩිහිටියො හිටගන්න ඕන. එහෙම උනොත් මේ අරගලය දිනනවා.“

“මේ ජයග්‍රහණය කරන්න අපි පාට පක්ෂ භේදයකින් තොරව එකතු වෙනවා. එතන පෙරටුගාමීනුත් ඉන්න ඕන. අන්තරෙත් ඉන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න ඕන. රටේ සියලු දෙනා මේ විප්ලවයෙදි පක්ෂ න්‍යාය පත්‍ර අමතක කරලා ජාතික න්‍යාය පත්‍රයකට කැප වෙන්න.“

''ලේ දහදියට බය වෙන්න එපා. හිර ගෙවල්වලට බය වෙන්න එපා. අවුරුදු දෙකයි ඔක්කොම සෙල්ලම් දාන්න පුළුවන්. තමුන්නාසෙලා එක්ක අපි ඉන්නවා. ''
 
 

{gallery}haid park{/gallery}

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්