එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට සහය දීමට තීරණය කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,

ඒ වෙනුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සංවිධානය කිරීමට මේවනවිට කටයුතු කරමින් සිටියි. 

ඒ අනුව, උතුරේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සමග ඇය මේවනවිටත් තීරණාත්මක සාකච්ජා වට කිහිපයක්ම පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණයට තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ගිවිසුම් ගත වන උත්සවය ඊයේ (නොවැ: 01) කොළඹදී පැවති අතර හිටපු ජනාධිපතිනිය ද එම උත්සවයට සහභාගි වී සිටියාය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමග හිටපු ජනාධිපතිනිය වේදිකාවේ අසුන්ගෙන සිටි නමුත් ඇය සභාව ඇමතුවේ නැත.

 "අපි ශ්‍රී ලංකා" 
coldig 3552413162602198 9451122 01112019 SSE CMY

coldig 3552584162602310 9451123 01112019 SSE CMY

හිටපු ජනාධිපතිනිය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "අපි ශ්‍රී ලංකා" කණ්ඩායම මෙහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපතිවරණයේදී සහය දීමට ගිවිසුම් ගත වීම සිදුවිණි. එම පාර්ශවය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරයක් දරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංගය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම පාර්ශ්වයට අමතරව දේශපාලන පක්ෂ 30ක් සහ සිවිල් සංවිධාන 28ක් සජිත් ප්‍රේමදාස ජනාධිපතිකිරීම සඳහා සහය දීමට ගිවිසුම් ගතවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දීමට ගත් තීරණය දැඩි ලෙස විවේචනය කරමින් හිටපු ජනාධිපතිනි සහ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනියක්ද වන චන්ද්‍රිකා කුමාරතුංග මීට ඉහතදී නිවේදනයක් නිකුත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් 95% කගේ විරෝධය නොතකා ගත් තීරණයක් ලෙස විග්‍රහ කරන ඇය එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට ගත් උත්සාහයක් ලෙස හඳුන්වා තිබුණි.

නොවැම්බර් 05 වෙල්ගම වේදිකාවට ...

මේ අතර ගෝඨාබය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට විරෝධය පළකරමින් එම පාර්ශවයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ලබන 5 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිස් එකතුකරගනිමින් විශේෂ සමුළුවක් පැවැත්වීමට සූදානම් වේ.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පවත්වන බව පවසන මෙම සමුළුවේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව තමන් ගන්නා තීරණය හෙළිකිරීමට නියමිතය. 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම පිණිස කැපවන බව ඔහු මීට ඉහතදී සඳහන් කර තිබුණි.

(උපුටා ගැනීම් -බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්