කැබිනට් මණ්ඩලය සඳහා නව අමාත්‍යව‍රුන් දිවුරැම් දීම අවස්ථා දෙකකදී සිදුකිරීමට රජය තීරණය කර ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තා කරයි.



එයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මගින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ 11 දෙනකුගෙන් යුත් නාමලේඛනයේ නම් සඳහන් දෙදෙනකු නිසා බව සඳහන් වේ.

එම දෙදෙනා දිවුරුම් දීම මේ මොහොතේ සිදු කළ නොහැකි බවත් පසුව දිවුරුම් දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා කර ඇත.

ඒ එම දෙදෙනා සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විරෝධයන් නිසාය.

මේ අතර නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කිසිදු අමාත්‍ය ධුරයක් බාර නොගන්නා බව පක්ෂය වෙත දන්වා ඇත.

කෙසේ වෙතත් අවස්ථා දෙකකදී අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදු කළ නොහැකි බව පොහොට්ටුව විසින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි 'දේශය' පුවත්වාර්තවේ වැඩිදුරටත් සඳහන් වේ.

ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙසේ ආන්දෝලනයට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නාමලේඛනයේ සඳහන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගේ නම්ය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්