සිසුන් හතලිස් තුන් දෙනකු 2014 වසරේ දී අතුරුදහන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙක්සිකානු විශ්‍රාමික හමුදා කර්නල්වරයකු සහ තවත් හමුදා

නිලධාරීන් දෙදෙනකු මෙක්සිකානු බලධාරීන් විසින් රැඳවුම් බාරයේ තබා තිබේ.

අතුරුදහන් සිසුන්ගේ පවුල්වල සාමාජිකයන් තම දරුවන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් රජයට ඇති වගකීම දිගින් දිගටම ප්‍රශ්න කරමින් උත්තර ඉල්ලා සිටීම මෙම අපරාධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට බලධාරීන්ට බල කෙරිණි.

2014 වසරේ සිදුවූ අතුරුදහන් කිරීම් විසින් මහජන විරෝධතා කුළුගන්වන ලද අතර එවකට ජනාධිපති එන්රික් පේනා නියෙතෝ ගේ ආණ්ඩුව ජාත්‍යන්තර තලයේ හෙලාදකිනු ලැබීමට හේතු විය.

අතුරුදහන් සිසුන්ගේ ඥාති හිතමිත්‍රාදීහු සිදු වූ අපරාධය සම්බන්ධයෙන් සත්‍යය සොයමින් යුක්තිය පතා නොනිමි අරගලයක යෙදී සිටිති. නමුත් නියෙතෝ ගේ පාලනය සත්‍ය ප්‍රකාශයට පත්වීමට ඉඩක් දී තිබුනේ නැත.

Mexico Ayotzinapa Protest 01

මේ අතර 2019 දී ජනාධිපති අන්ද්‍රේස් මනුවෙල් ලෝපෙස් ඔබ්‍රදෝර්ගේ ආණ්ඩුව විසින් මෙකී අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශනය නැවත ආරම්භ කරනු ලැබිනි.

එතැන් සිට බලධාරීන් විසින් තෝමස් තෙරොන් ඇතුළු හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරනු ලැබුණි. මෙම පැහැරගැනීම් සිදු වන විට රාජ්‍ය  ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ තෝමස් තෙරොන් නීතියේ රැහැනට අසු නොවී ඊශ්‍රායලයට පලා ගොස් තිබේ

මේ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, වධහිංසා පැමිණවීම සහ සහ එයට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ යුක්තිය පසිඳලීමට බාධා කිරීම යන චෝදනා මත ආණ්ඩුවේ අභිචෝදකයන් විසින් හිටපු නීතිපති හේසුස් මුරීයෝ කරම් ද ගතවූ මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේය.

Attorney General Karam

Former attorney general of Mexico

 

නියෝජ්‍ය අමාත්‍ය මෙජියා කියා ඇත්තේ මෙකී අයොත්සිනාපා ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිසුන් පැහැරගත් නිරිතදිග මෙක්සිකෝවේ ඊග්වාලාහි ස්ථානගත කර ඇති 27 වැනි පාබල බලඇණියේ හමුදා කඳවුරේ එවකට අණදෙන නිලධාරියා ඇතුළු තිදෙනකු මේ වන විට එම වරෙන්තු ප්‍රකාර අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති බවයි. හමුදා නිලධාරීන් හතර දෙනකු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ බව ඔහු පැවසීය.


සිසුන් පැහැරගැනීම රාජ්‍ය අපරාධයක් ලෙසින් ඔහු විසින් හඳුන්වන ලදී.


අත්අඩංගුවට ගත්තවුන්ගේ නම් නියෝජ්‍ය අමාත්‍ය මෙහියා හෙළි කළේ නැති වුවත් එවකට ඉගුවාලා මූල කඳවුරේ අණදෙන නිලධාරියා ව සිටියේ හෝසේ රෝද්රීගේස් පෙරේස් බව අල් ජසීරා මාධ්‍ය ජාලය වාර්තා කරයි.

1968 ඔක්තෝබර්  02 දා ත්ලතේලොල්කෝ ශිෂ්‍ය සමූහ සංහාරයේ සංවත්සර සැමරුමට සහභාගීවීම සඳහා මෙක්සිකෝවේ අගනගරයට බස් රථවලින් ගමන්ගත් අයොත්සිනාපා ගුරු අභ්‍යාස විද්‍යාලයේ සිසුන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් ලෙසින් සත්‍ය කොමිසමක් විසින් ගතවූ මාසයේ දී හමුදා නිලධාරීන්ට දොස් පවරා තිබුණි.


පෙරකී කොමිසමට නායකත්වය දුන් මෙක්සිකානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් අලෙහන්ද්රෝ එන්සිනාස් පසුගිය අගෝස්තු මාසයේදී කියා සිටියේ හදිසි දුරකතන ඇමතුම් සමග සසඳා බලන ලද තොරතුරුවලින් තහවුරු වී ඇත්තේ “අතුරුදහන් වූ සිසුන් 43 දෙනාගෙන් හය දෙනෙක් දින කිහිපයක් තිස්සේ රඳවා තබාගෙන" අණදෙන නිලධාරී පෙරේස් වෙත භාර දී ඇති” බවයි.


"එම තොරතුරු අනුව සැමරුමෙන් දින හතරක් තරම් කාලයක් මෙම සිසුන් හය දෙනා ජීවතුන් අතර සිටි බවට චෝදනා කෙරෙන අතර, එවකට කර්නල් හෝසේ රෝද්රීගේස් පෙරේස්ගේ බවට චෝදනා කෙරෙන නියෝග මත මරා දමා අතුරුදහන් කර තිබේ."

එම සිසුන් දේශීය මත්ද්‍රව්‍ය කල්ලිවලට භාරදීමෙන් පසු මරාදමනු ලබන්නට ඇතැයි බලධාරීන් පවසා තිබිණි. ඔවුන්ගේ මෘතදේහ කිසිදා හමු නොවූ නමුත් පිළිස්සුණු අස්ථි කොටස් සිසුන් තිදෙනකුට ගැලපී තිබේ.

බහුජන විරෝධතාවලට තුඩුදුන් 2014 අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් යුක්තිය පතා එවක පටන් සිසුන්ගේ සමීපතමයෝ සටන් වැද සිටිති.

mexiconormalistas ayotzinapa portada 1


 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්