මෙරටට ආනයනය කර බෙදා හරින ලද සහල් විෂ සහිත බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්

නිකුත් කරමින් කියා සිටියි.

මෙරටට ආනයනය කරන ලද සහල් රසායනික බහුලව අඩංගු බවට පළිබෝධනාෂක රෙජිස්ටාර් කාර්යාලය කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බවට පසුගිය දින කිහිපයෙහි ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබිණ.

කෙසේවුවද ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, මෙම වසරේ මේ දක්වා කාලය තුළ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවයි.

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, 2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ වැරදි පුවත සකස් කර ඇති බවය.

එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, රත්නවීර සඳහන් කළේ ය.

මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශ්වයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රත්නවීර පවසා ඇත්තේ, මෙය 2017 වසරේ දී නුවර ප්‍රදේශයේ සාම්පල 68 ක් ලබා ගනිමින් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් බවයි.

එම පර්යේෂණ තොරතුරු ද වැරදි ලෙස වාර්තා කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

 

පර්යේෂණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කර ඇති බවත්, වැරදි අදහස් ඉස්මතුවන ලෙස තොරතුරු සමාජගත කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවත් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පවසා ඇත්තේ 2022 ජනවාරි මාසයේ සිට පරීක්ෂා කළ සහල්වලට එය අදාළ නොවන්නේ නම් එලෙස වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවය.


අමාත්‍යාංශ ලේකම් ගෙන් CIDයට පැමිණිල්ලක් !

WhatsApp Image 2022 09 17 at 21.10.36 1 750x536
වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට ඉරිදා පුවත්පත් දෙකක පළ වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පවසයි.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්