මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ජනමතවිචාරණයක් නොව මැතිවරණයක් බව සමගි ජනබලවේගය පවසයි.

 


 එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියේ ඡන්ද ක්‍රමයේ වෙනසක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවට ජනාධිපතිපවරයා ඉකුත් දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

පාර්ලිමේන්තුව මගින් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සඳහා එකගත්වයකට පැමිණෙන්නේ නැත්නම් මාස 06 කින් පසු ජනමතවිචාරණයක් පැවැත්වීමට තමන් අදහස් කරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

 ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අදහස් දැක්වූයේ මෙලෙසයි.


මැතිවරණ පැවැත්වීමේ මාතෘකාව යටපත් කිරීම සඳහා ජනමතවිචාරණයක් සම්බන්ධයෙන් කථාබහක් නිර්මාණය කර ඇති බව ද  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර 'දේශය' (deshaya.lk )  ජාතික පුවත්පත අද (18) වාර්තාකර ඇත්තේ, මැතිවරණ නිසි කලට පවත්වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් වෙත සහාය ලබා නොදීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇති බවයි.


එළඹෙන පළාත් පාලන මැතිවරණයත්, මහ මැතිවරණයත් කල් දැමීම සඳහා රජය පියවර ගන්නා බවට ලද තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔවුන්ගේ තීරණ මීළඟ පක්ෂ රැස්වීමේදී ඉදිරිපත් කර පක්ෂ නායකයා ඇතුළු සියලු දෙනාගේ එකඟත්වය ලබාගැනීමට තීරණය කළ බවත් එම පිරිසේ ප්‍රකාශකයෙක් 'දේශය' වෙත පවසා ඇත.

ජනමතය නියෝජනය නොකරන විකෘති ආණ්ඩුවක් බිහිවී ඇති මොහොතක ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම ඉතාම බරපතළ අවුලක් බවද ඔවුහු පෙන්වා දෙති.


22 සංශෝධනය ඔක්තෝම්බර් මුල් සතියේ !


මේ අතර රජයේ ආරංචි මාර්ග පවසන්නේ, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන ඔක්තෝබර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ප්‍රකාරව අවශ්‍ය සංශෝධන සිදු කර මැතිසබයේ 2/3ක ඡන්දයෙන් එය සම්මත කර ගැනීම රජයේ සැලසුම බව වාර්තා වෙයි.

ඒ අනුව ජනමත විචාරණයකට හේතුවන සියලුම වගන්ති ඉවත් කර ඒ සඳහා සුදුසු සංශෝධන සැකසීම මේ දිනවල සිදුවන බව වාර්තා වෙයි.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා