theleaderlk 01

තමන්ට රැක බලා ගැනීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලන බව පවසමින් 82 හැවිරිදි පියකු පිහිටක් පතා පාදුක්ක පොලිසියට පැමිණිකර තිබේ.



තම දියණියන් හත්දෙනාගෙන් කිසිවකු තමා රැකබලා ගන්නා බව ඔහු පොලිසියට කියා ඇත.

ඒ අනුව අදාල පියාගේ දියණියන් හත් දෙනාවද පොලිසියට කැදවීමට කටයුතු කර තිබූ අතර පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක එම දියණියන්ගේ තොරතුරු සොයා බැලු අවස්ථාවේදී ඔවුන් සුඛෝපබෝගි ජීවිත ගත කරන අය බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි

දෙමාපියන්ට සැළකීමේ ගුණය පිළිබදව පියකු ලෙස දැනුවත් කර තම පියාගේ ජීවිත කාලයේ අවසන් සමය මේ වන බැවින් දියණියන් හත් දෙනා මාරුවෙන් මාරුවට හෝ සිය පියාව රැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටියද එම දියණියන් පවසා ඇත්තේ තම පියා රැක බලා ගැනිමට අවශ්‍ය නම් තමන්ට ලක්ෂ දෙකක මුදලක් පියාගෙන් ලබා දිමට කටයුතු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.

පියාගෙන් විමසූ විට පවසා ඇත්තේ තමන් සතුව මේ වන විට කිසිදු මුදලක් නොමැති බවත්, මාතර රොටුඹ ප්‍රදේශයේ තිබූ ඉඩමක් විකුණා ලබා ගත් මුදලින් තමන්ට වකුගඩුවක් බද්ධ කිරීමට කටයුතු කළ බවත්, ඉතිරි මුදලින් ලක්ෂ හතරක් බාල දියණියට ලබා දීමට කටයුතු කළ බවත් ය.

එම මුදල් ලබා ගත් බාල දියණියගේ රැකවරණයේ සිටි බවත් බෑනා විසින් තමාව සහ තම බිරිඳ පාදුක්ක මාවතගම ප්‍රදේශයේ කුළි නිවසකට ගෙනැවිත් පදිංචි කර දමා ගිය බවත් ඔහු පවසා ඇත.

පොලිසියේ යෝජනාවට අකමැති වූ බැවින් මෙම පැමිණිල්ල අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානයක පැවැසීය.

පොලිසිය කළ ඉල්ලීම මත පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එක් දියණියක් තාවකාලිකව එම 82 හැවිරිදි පියා රැකබලා ගැනීමට කැමැත්ත පල කර රැගෙන යාමට කටයුතු කල බවද පොලිසිය පවසයි.

(lankadeepa.lk)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

නවතම පුවත්