ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන Subway හි මෙහෙයුම් නියෝජිත හිමිකාරීත්වය (franchise) සිය පාලිත සමාගමක් වන Softlogic Restaurants Ltd යටතට

පවරා ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන 'සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්' නිවේදනය කර සිටී.

ඒ අනුව මීට පෙර Subway Development Ltd විසින් සිදුකරන ලද Subway හි මෙරට මෙහෙයුම් කටයුතු Softlogic Restaurants Ltd යටතට පැවරෙනු ඇත.

Subway යනු ඇමරිකානු අවහන් ජාලයකි. එය ප්‍රධාන වශයෙන් submarine, sandwiches, wraps, salads සහ පාන වර්ග (beverages) නිරත වනු ලබයි.

මේ වන විට ජාත්‍යන්තර ආහාර සන්නාම කිහිපයකම මෙරට නියෝජිතත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සතුවන අතර Burger King, Basking- Robbins, Popeyes, Delifrance සහ Crystal Jade ඒ අතර වේ.

Softlogic Subway
(biz.adaderana)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්