ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට උත්තර ලංකා සභාගය යටතේ තරග කරන බව එම සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්

වීරවංශ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීමට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්විම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැය 3කට අධික කාලයක් පවත්වා ඇත.

රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දැක්වු විමල් වීරවංශ මෙසේ පැවසිය.



ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා දිවයින පුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගයේ පළමු විධායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

මෙම රැස්වීමේදී පක්ෂයක් ලෙස ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

විශේෂයෙන් එළැඹෙන මැතිවරණවලදී ක්‍රියාකළ යුතු ආකාරය සහ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී යෝජනා වී ඇති බව වාර්තා වේ.

එම රැස්වීම සඳහා සෑම පක්ෂයකින්ම සාමාජිකයින් 5 දෙනෙකු ඉදිරිපත් විය යුතු අතර ඉන් එක් අයෙකු කාන්තාවක විය යුතු බවටද තීරණය කර තිබේ.

රැස්වීම අවසන් වීමෙන් අනතුරුව අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ සඳහන් කළේය.

''මේ උත්තර සභාගයේ තිබෙන සුවිශේෂත්වය තමයි හැමදාම අනෙක් පක්ෂ යට කරගෙන ගිය ප්‍රධාන පක්ෂයක් කියලා මේකේ එකක් නැහැ. පක්ෂයේ දිග පළල කෙතරම් වුවත් සෑම පක්ෂයකටම විධායක සභාවට පස් දෙනෙකු පත්කිරීමේ අවස්ථාව තිබුණා. ඉන් එක්කෙනෙක් කාන්තාවක් වියයුතුයි. කාන්තා නියෝජිතයින්ට සුවිශේෂී සැලකිල්ලක් දක්වලා තිබෙනවා. අපි ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබාදෙමින් රට වටා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නට තීරණය කළා. මේ ප්‍රශ්නවලට ආණ්ඩුව අපි ගේන උත්තර ක්‍රියාත්මක කළත් නැතත් අපි ජනතාවත් එකක් එකතුවෙලා ඒ උත්තර මේ මහපොළොවේ පැළ කරනවා."


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා