ජනාධිපතිවරණ ප්‍රතිපල විමසා ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත්කරන තෙක් ස්වාධීන රූපවාහිනි සේවය (ITN) විසින් විකාශය කරනු ලබන දේශපාලන පසුබිමක් සහිත සියලුම වැඩසටහන්

මැතිවරණ කොමිසම වෙත දන්වා, පුර්වයෙන් පටිගතකර එකඟතාවය ලබා ගැනීමෙන් පසු පමණක් විකාශය කළ යුතු බවට මැතිවරණ කොමිසම විසින් එම ආයතනයේ සභාපතිය වෙත අද (02) ලිඛිතව දැනුම් දී ඇත.

ITN රුපවාහිනිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර යොදා ගනිමින් අපේක්ෂකයින් අගතියට පත්කරන වැඩසටහනක් ප්‍රචාරය කර ඇතිබව පවසමින් එම නියෝගය නිකුත්කර ඇත්තේ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුවය. 
meco leter 450

ස්වාධීන රූපවාහිනි සේවය විසින් විකාශය කරනු ලබන ‘සීතල ඊතල ‘ දේශපාලන වැඩසටහන වහාම තහනම් කරන ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ නියෝජිතයින් කිහිප දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට ඊයේ තර්ජනය කොට තිබු බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

පහුගිය බදාදා  (30) වෙනිදා 'සීතල ඊතල' වැඩසටහන ට සහභාගි වූ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර විසින් ආන්දෝලනාත්මක ඇවන්ගාඩ් සමාගම හා ගෝඨාබය රාජපක්ෂ අතර පැවති රහස් ගනුදෙනු පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කළේය.

වීඩියෝ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්