ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදියකු වූ ඩික්සන් වසන්ත මහතා අභාවප්‍රාප්ත විය.

 


ඔහු මියයන විට 54 හැවිරිදි වියෙහි පසුවිය.

තිස් වසරකට අධික කාලයක් විජය පුවත්පත් සමාගමේ සේවය කළ ඔහු ආයතනයෙන් පළ කරන ලංකාදීප, ඉරිදා ලංකාදීප, සිරිකත ආදී පුවත්පත්වලට ඡායාරූප සැපයීය.

දොඩම්ගොඩ, කොස්වත්ත ජනාධිපති විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරන ඩී.එස් ඉෂ්මිනී සමන්තිකා මහත්මියගේ ආදරණීය සැමියා වූ ඩික්සන් වසන්ත මහතා එක් දියණියකගේ පියෙකි.

ඩික්සන් වසන්ත මහතාගේ දේහය දොඩම්ගොඩ, ජාවිගොඩ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා