1200 x 80 DMirror

පාර්ලිමේන්තු එස්.එම්. මරික්කාර්ට ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දු වේ.

 

 ''අද ප්‍රසිද්ධියේ මම කියනවා, අපේ රජයක මරික්කාර් මැතිතුමා ප්‍රබලම කැබිනට් ඇමැති කෙනෙක්’ යැයි සජබ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු එබව කියා සිටියේ කොලොන්නාවේ ඊයේ (18) පැවැති ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

''මම මරික්කාර්ට ඇළුම් කරන්නේ පොදු ජනතාව එක්ක ඉන්න මනුස්සයෙක්. ජනතාවගේ දුක සැප බෙදාගන්න ඉන්න, කොමිස් ගහන්නේ නැති කෙනෙක් නිසා. හැමවෙලාවේම මරික්කාර් උත්සහ කරන්නේ සංවර්ධනයේ නියමුවෙක් වෙන්න. මම තමයි සංවර්ධනයේ ජගතා කියලා ඔහු පෙන්වන්න කැමතියි. මම ඒකට හරි කැමතියි.. මමත් ඒ පාරෙම තමයි යන්නේ.'' 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය