තමන් විසින් ඉන්දියාවට හඳුන්වාදුන් අඩු වියදම් කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අරුනාචලම් මුරුගනාදන්

හෙවත් සැබෑ Pad Man සිය පුද්ගලික ෆේස්බුක් පිටුවේ ධනාත්මක සටහනක් තබා ඇත.

නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය දේශපාලන වේදිකාවේදී පළකළ අදහස මේ දිනවල ශ්‍රී ලාංකීය දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්ව තිබෙන පසුබිමක, ඊයේ (නොවැම්බර් 02) සිය ෆේස්බුක් ගිණුමේ එසේ සටහනක් තබා ඇති සැබෑ ‘පෑඩ් මෑන්‘ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව බෙහෙවින් අගය කර තිබේ. 
ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි.

''ලොව පුරා සිටින නායකයින් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම මනාව වටහාගෙන තිබීම හොඳ වෙනසකි. මෙවැනි නායකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙනුවෙන් වූ විවිධ මුල පිරීම් නිවේදනය කරයි. 
මෑතකදී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දැරිය හැකි ඔසප් සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැදගත්කම ගැන හඬ අවදි කළේය. ඔහු එරට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වේ. තමන්ව ‘පෑඩ් මෑන්‘ ලෙස හැඳින්වීම ගැන ඔහු සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේසනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.  

මේ ජාතික නායකයින් ඔසප් සනීපාරක්ෂාව ගැන හඬ අවදි කරන නියෝජිතයන් වීමට කාලයයි. දැන් බංග්ලාදේශය තුළ ද සරණාගත කාන්තාවන් හැ ගැහුණු දැරිවියන් උදෙසා ඔසප් සමයේ සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමට පෙළඹී තිබේ‘‘ යන්නයි.

FB සටහන arunachalam

දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි අරුනාචලම් විසින් හඳුන්වාදුන් අඩු වියදම් කාන්තා සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් ලෙසින් අද ලොව පුරා ප්‍රචලිත වී ඇති අතර, එය ලංකාවේ ජනාධිපතිධූර අපේක්ෂකයෙක් සිය ප්‍රතිපත්ති අතරේ තබා සඳහන් කිරීම අරුනාචලම් එසේ ඉතා සතුටින් යුතුව සඳහන් කර තිබේ. 

එසේම සජිත්ට එරෙහිව සමාජ මාධ්‍ය තුල Pad Man නමින් අපහාසාත්මක ප්‍රහාර එල්ලකරද්දි ඔහු විසින්ම තමන් Pad Man කෙනෙක් ලෙසින් හැඳින්වීම සම්බන්ධයෙන් ආඩම්බරවන බව පවසා තිබීමද අරුනාචලම් ඉතා අභිමානයෙන් සඳහන් කර ඇත.

රටවල්වල දේශපාලනඥයින් කාන්තාවන්ගේ ආර්තව සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුම සමයක අසල්වැසි රටේ එක් දේශපාලන නායකයෙක් හෝ ඒ පිළිබඳ අදහස් දැක්වීම පිළිබඳව අරුනාචලම් ලොවට ලියා ඇති අතරම බංගලාදේශයේද කාන්තාවන් සහ අවතැන් කාන්තාවන් අතර මෙම සංකල්පය ප්‍රචලිතවෙමින් ඇතිබවද සඳහන් කර තිබේ.

එවැනි වටපිටාවක සජිත් ප්‍රේමදාස විසින් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ සංකල්පයට එරෙහිව ගල් මුගුරු විසිකල පාර්ශවයන් විසින් ඊයේ  (02) රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ විකාශනය වීමට නියමිතව තිබූ Pad Man චිත්‍රපටයද ප්‍රචාරය නොකරන ලෙසට මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබිණ.

Pad Man චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝව

subscribeYT

කාටුන්

නවතම පුවත්