රජයටත් ජනතාවටත් බරක් නොවන අන්දමට සෑම ආගමික මධ්‍යස්ථානයකම සූර්යයපැනල මඟින් (සෝලා) විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි

'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' රජයෙන් ඉල්ලා සිටියි.

ඒ සඳහා මහජන මුදල් භාවිතා කරනවා වෙනුවට අන්තර්ජාතික ප්‍රදාන හා දැනට ක්‍රියාත්මක අනෙකුත් පරිසර ආධාර ක්‍රම යටතේ මෙම යෝජනා ක්‍රමය දියත් කළ හැකි බව ද එම සංවිධානය පවසයි.

'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' සභාපති හිටපු කතානායක කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම කරුණු සඳහන් කර ඇත.

ආගමික සිද්ධස්ථානයන් සඳහා පනවා ඇති අධික විදුලි ගාස්තු පිළිබදව ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජය තුළින් මතුව ඇති දැඩි විරෝධය පිළිබදව රජයේ අවධානය නොපමාවම යොමුකරවිය යුතුව ඇතැයි එම නිවේදනය මගින් අවධාරණය කර සිටියි.


එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


හතර ගුණයකින් ගාස්තු වැඩි කිරීම !!!


ලෝකයේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවධියක ගාස්තු සංශෝධනයක් අවශ්‍ය වුවත් හතර ගුණයකින් ගාස්තු වැඩි කිරීම නිසා බොහෝ ආගමික මධ්‍යස්ථාන විශාල අපහසුතාවයකට පත්ව ඇත.

 

එමෙන්ම අනෙකුත් පාරිභෝගික බිල්පත් සදහා හතර ගුණයක් වැනි අසාමාන්‍ය වැඩි වීම් වලට යටත් නොවන විට ආගමික ස්ථානවලට පමණක් මෙසේ ගාස්තු වැඩි වන්නේ මන්ද යන්න ගැනද බලධාරීන් විසින් සොයා බැලිය යුතුව ඇත.

 

ජනසමාජය ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කරන හා සමාජීය වශයෙන් විශාල සේවාවන් ඉටුකරන ආගමික මධ්‍යස්ථානවලට සහනයක් සැළසෙන පරිදි විකල්ප ක්‍රියාමාර්ගයන් හදුන්වාදෙමින් අවශ්‍ය මගපෙන්වීම් හා ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි.

එහිදී රජයටත් ජනතාවටත් බරක් නොවන අන්දමට සෑම ආගමික මධ්‍යස්ථානයකම සූර්යයපැනල මඟින් (සෝලා) විදුලිය ලබාදීමට හැකි බව එම ක්ෂේත්‍රයේ වියතුන් විසින් දැනටමත් පෙන්වාදී තිබේ.

 

මෙම යෝජනාව අප විසින් දීර්ඝ ලෙස අධ්‍යයනය කළ අතර විදුලි ඉංජිනේරු මතය වූයේ ද මෙරට පිහිටි බොහෝ පන්සල් කෝවිල් පල්ලි ආදී ස්ථානවලට සූර්යය පැනල මඟින් විදුලිය ලබා දිය හැකි බවයි. එහිදී අප තවදුරටත් රජයට යෝජනා කළේ මහජන මුදල් භාවිතා කරනවා වෙනුවට මේ සඳහා අන්තර්ජාතික ප්‍රදාන හා දැනට ක්‍රියාත්මක අනෙකුත් පරිසර ආධාර ක්‍රම යටතේ මෙම යෝජනා ක්‍රමය දියත් කළ හැකි බවයි.

 

අප විසින් ඒ පිළිබදව මේවන විටත් ගරු ජනාධිපතිතුමා, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැතිතුමා හා විදුලිබල මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඇත.

බුද්ධශාසන අමාත්‍යතුමන් මෙහිදී වැදගත් පියවර කිහිපයක් ගෙන ඇති බවත්, ගරු ජනාධිපතිතුමන් විසින් මෙහි අවශ්‍යතාවය වටහාගෙන ඇති බවටත්  එහිදී අපව දැණුවත් කර තිබේ. ඒ අනුව එකී අවධානය නොපමාවම ප්‍රායෝගිකව ක්‍රියාවට නගනු ඇතයි අප තරයේම අපේක්ෂා කරන්නෙමු.''

කොළඹදී සර්ව ආගමික විරෝධතාවක්


ආගමික ස්ථානවල විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ (20)  කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දී සර්ව ආගමික විරෝධතාවක් පැවැත්වුන.

 ඒ, භික්ෂූන් වහන්සේ සහ අනෙකුත් ආගම්වල පූජකවරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ මෙසේ පැවසුහ.


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්