සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු ට  ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලිණි.

හේෂා විතානගේ පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අමතමින් ඇසූයේ "ඔබතුමාගේ රාජ්‍ය ඇමතිතුමිය මේ දිනවල යම් දෙයක් "ප්‍රමෝට්" කරන බවත් එයට ඔබ එකඟද ? යන්න පැහැදිලි කරන ලෙසත්ය.

ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු පැවසූයේ,  ලංකාවේ සමහර දේවල් මඩ ගහන්න ප්‍රකාශ කරන බවයි.

'' සබඳ අපි කුඳු වෙනවද?  කුඩු ගහනවා ද? කියා ඇතැම් සමාජ  මාධ්‍යවල පළ කර තිබුණා. ඒ වගේ පහත් විදියට මඩ ගසා තිබෙනවා.''

''ඔය ප්‍රශ්නෙ ඩයනා කුමාරියගෙන් අහන්න. සමාවෙන්න, ඩයනා  ඇමතිතුමියගෙන් ඒ ප්‍රශ්නය අහන්න.එතුමිය හරියට උත්තර දේවි.''


ඩයනාගේ 'නයිට් ලයිෆ්' යෝජනාව !


nt 2

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකි බවට යෝජනා කළ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය, රටට ඩොලර් ගෙන ඒම සඳහා ඉදිරිපත් කරන අලුත්ම යෝජනා වන්නේ නයිට්ලයිෆ් ආරම්භ කිරීමයි.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ඇය කියා සිටියේ රාත්‍රී ආර්ථිකයක් (නයිට් ඉකොනොමි) ආරම්භ කිරීම තුළින් රටට ඩොලර් උත්පාදනය කළ හැකි බවයි.

ඇයගේ මෙම යෝජනවාට මේවන විටත් සමාජයේ මිශ්‍ර ප්‍රතිචාර පළවෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

IMF 'රහස්‍ය සම්මුති' මාධ්‍යවේදීන් කියවන්නේ කෙසේද?- (කුසල් පෙරේරා)කුසල් පෙරේරා''දැන් අලුත්ම කතා බහ වන්නේ ඩයනා ගමගේ පා.ම. යෝජනා කළ මන්නාරම් දූපතක් චීන මැකාව් දූපතක් කිරීම ය. එයට විසිල් ගහණ, අත්පොළොසන් දෙන අයත් ඇත.

ඩයනා ගමගේ මැකාව් වල කෙරෙන නෙකෙරෙන දේ ගැන යහමින් දන්නා අයෙකු ලෙස එවැනි දූ කෙළි ඉල්ලන නමුත් අනෙකුන් ඒවා ගැන දන්නේදැයි සැකයකි. එනිසා මැකාව් ගැන මේ ඉතාම කෙටි සටහනකි.

Macau is the only location in China where gambling is legal, and as such, gambling tourism is the city’s greatest source of revenue, and, the greatest revenue from gambling generated in the world.
The city has a large sex trade despite there being no official red-light district. In addition to street prostitution, prostitutes work in low-rent buildings, massage parlours and illegal brothels, and the casinos, nightclubs, saunas and some of the larger hotel.


වීනයේ සූදු කෙලීම නීතිගත කර ඇති එකම ස්ථානය මැකාව් ය. එනිසා සූදු කෙලීමේ සංචාරක ව්‍යාපාරය ඒ නගරයේ විශාලම ආදායම් මාර්ගය වන්නේය. එවගේම සූදු කෙලියෙන් ලොව වැඩිම ආදායම ලබන නගරයත් එය ය.

නිල රතු එළි ප්‍රදේශයක් නොවුනත් එහි විශාල ලිංගික වෙළඳාමක් කෙරෙන්නේ ය. වීදිවල ගණිකා වෘත්තියේ යෙදීමට අමතරව ගණිකාවෝ අඩු කුලී ගොඩනැගිලිවල, සම්භාහන සායන හා අනීතික ගණිකා මඩම්වල සේවය කරති. ඊට අමතරව කැසිනෝහල්, රාත්‍රි සමාජ ශාලා, සෝනාවල (sauna) සහ ඇතැම් ලොකු හෝටල් වලද ඉන්නාහ.

(උපුටා ගැනීම අවසන් )




සබැඳි පුවත් :
ඩයනාගේ 'නයිට් ලයිෆ්' යෝජනාවෙන් 'ටුවරිසම්' ගොඩ දාන්න පුලුවන්ද ?


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්