ශ්‍රීලංකන් ගුවන් සේවය ලංකා බැංකුව (BOC) සමඟ හවුල් වී කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී BOC SmartPay ජංගම මෘදුකාංග පහසුකම හඳුන්වාදීමත් දී තිබේ.


BOC SmartPay යනු පාරිභෝගිකයින්ගේ ගනුදෙනු සඳහා වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි.

නව ඩිජිටල් ගෙවීම් මෘදුකාංගය ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන සමහර අපහසුතා ඉවත් කරමින් සකස් කර තිබේ.

මෙය කොවිඩ් වසංගතය සමඟ ඇතිව තිබෙන සනීපාරක්ෂක මාර්ගෝපදේශ වල අවශ්‍යතාවයට සරිලන අයුරින් නිර්මාණය වී ඇති අතර පහසු, ස්පර්ශ රහිත ඩිජිටල් ගනුදෙනු සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට ද එය උපකාරී වනු ඇත.

ඉක්මන් මුදල් රහිත සහ ආරක්ෂිත ගෙවීම් සක්‍රීය කිරීමට අමතරව, BOC SmartPay හට කාඩ්පත් රහිත, QR කේත ගෙවීම් සැකසීමට මෙමගින් හැකි වේ.

SriLankan Airlines 2022.09.22

LankaClear විසින් සහතික කරන ලද ඩිජිටල් මුදල් පසුම්බි වර්ග 25කට අධික ප්‍රමාණයකින් ගෙවීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසයි. BOC SmartPay හරහා හැසිරවීම, ලේඛනගත කිරීම සහ ගබඩා කිරීම ඇතුළුව භාණ්ඩ පර්යන්තයේ ඇති සියලුම ගබඩා ගාස්තු ආයාසයකින් තොරව ගෙවීමට පාරිභෝගිකයින්ට හැකි වේ.


තවද, භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ විශාල භෞතික මුදල් ප්‍රමාණයක් හැසිරවීමේ අපහසුතාවය සහ අවදානම ඉවත් කිරීමෙන් පාරිභෝගිකයින්ට සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

BOC SmartPay වෙත මාරුවීම හරහා ගෙවීම් සඳහා පහසුකම් සපයන අතර, මුදල් සංක්‍රමණ ඉතා ඉක්මනින් පෙන්වීම සමග මාර්ගස්ථ මුදල් රක්ෂණය වාරික ඉතිරි කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබේ.


“BOC SmartPay හරහා ඩිජිටල් ගෙවීම් වෙත මාරුවීමත් සමඟම අපගේ ගනුදෙනුකරුවන්ට අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ ජාතික වෙළඳ පහසුකම් කමිටුවේ අවශ්‍යතාවයක් ඉටු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. නව තාක්ෂණය සමග ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වේගයෙන් පරිවර්තනය වෙමින් පවතිනවා. එම නිසා අනාගතයේ දී ප්‍රතිලාභ ගෙන දෙන වෙනස්කම් රැසක් සිදුකිරීමට සිදුවේවි,” යයි මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සාමාන්‍යාධිකාරී චමින්ද පෙරේරා සඳහන් කළේය



සාමාන්‍යයෙන්, භාණ්ඩ පර්යන්තයේ මාසික පදනමින් මුදල් සහ ණය මත පදනම් වූ ගෙවීම් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලැබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම එවැනි ගනුදෙනුවලින් අවම වශයෙන් සියයට 20ක් කෙටි කාලීනව ඩිජිටල් ගෙවීම් බවට පත් කිරීමට බලාපොරොත්තු වන අතර, BOC SmartPay සමඟින් දිගු කාලයක් තුළ තවත් පරිවර්තන බලාපොරොත්තු වේ.

ගුවන් සමාගම දිවයින පුරා ඇති ප්‍රවේශපත්‍ර කාර්යාල ඇතුළු අනෙකුත් ගෙවීම්  ස්ථාන වෙත මෙය හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී.

පාරිභෝගිකයන් Google Play Store හෝ App Store වෙතින් LankaClear විසින් සහතික කරන ලද ඩිජිටල් මුදල් පසුම්බියක් බාගත කර  ඔවුන්ගේ බැංකු ගිණුම සම්බන්ධ කළ යුතුය.

භාණ්ඩ නිෂ්කාශනය කරන අවස්ථාවේ දී ලබා දී ඇති QR කේතය භාවිත කිරීමෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ පර්යන්තයේ ගබඩා ගාස්තු පියවා ගත හැකිය.

වැඩි විස්තර සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන පාරිභෝගික සහාය ඒකකය අමතන්න 0197333222

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්