විදුලි ජනනය සඳහා අද හෙටම ගල්අඟුරු ආනයනය නොකළ හොත් පැය 10 ක හෝ 12 ක

විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (22) පස්වරුවේ පැවසීය.


රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙට්‍රික් ටොන් 250,000 ක සංචිතය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් ප්‍රමාණවත් බව කී සභාපතිවරයා,  නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙට්‍රික් ටොන්  5000 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.

ගල්අඟුරු නොමැතිවුවහොත් මෙගාවොට් 900 ක විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන බවත් ගල්අඟුරුවලින් විදුලි අවශ්‍යතාවයෙන් සියයට 35 ක් පමණ ජනනය කරන බවත් ජනක රත්නායක කීය.

ගල්අඟුරු ටෙන්ඩරය අඩු ලන්සුව ඉදිරිපත් කළ ආයතනයට ප්‍රදානය කළත් ඒ පිළිබඳව වෙනත් ආයතනයක් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටීම නිසා ටෙන්ඩර ලැබූ සමාගම ගල්අඟුරු සැපයුම ප්‍රතික්ෂේප කිරීමෙන් තත්වය බරපතළ වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම තත්වයෙන් ගැලවීමට නම් සෑම දින පහකට වරක්ම ගල්අඟුරු නැවක් ගෙනඒමට ඩොලර් මිලියන 21 ක් බැගින් අවශ්‍ය බව කී ජනක රත්නායක සඳහන් කළේ, පසුගිය වසරේ කළ ඇනවුම් 19 අත්පිට මුදලට මිලදී ගැනීම ගැටලුව එකම විසඳුම බවයි. 

 

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්