ලංඩන් නුවර දි උමං දුම්රියේ (underground) ගමන් කරන ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහගේ ජයරුපයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.


බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ ද ලන්ඩන් නුවරට ගියාය.

එසේ ලංඩන් නුවර පෞද්ගලික සංචාරයක නිරතවන ඇය එ සදහා සියලු වියදම් ඇය විසින් ම පෞද්ගලිකව දරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා ප්‍රකාශකර තිබිණ.

WhatsApp Image 2022 09 23 at 12.35.36 PM 1

මෛත්‍රී වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් පලවී ඇති අතර ලන්ඩන් නුවර වෙසෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.

''අතින් කාල හරක් බැලීම නොහොත් මෛත්‍රී අතින් වියදම් කරන් එලිසබෙත්ගේ මිනී පෙට්ටිය බැලීමට යාම''

මට වෙලාවකුත් තියෙනව නම්, ගෙදර ගිහින් ආයෙ දේවල් කියවන්නත් ඕනෙ නම්, මම පලවෙනියටම කියවන්නෙ "ස්ත්‍රීවාදිනියක්ද" කවුද කියන මෛත්‍රී වික්‍රමසිංහ ලියපු ඒව. මොකද එයා අතින් වියදම් කරන් එලිසබෙත්ට උපහාර දක්වන්න ගිහින් තියෙන්නෙ. අනිත් ඔය කියන "ස්ත්‍රීවාදී" අයත් ඒව කියවනවනම් මාර දැනුමක් අලුත් කරගන්න පුලුවන් වෙයි feminism, postcolonialism & english literature වගේ ඒව ගැන. එයා මගේ එක පැත්තක වීරවරියක් එක යුගයක. ඒ රනිල් එක්ක දීග යන්න කලින් හැබැයි.''

Uvindu Kurukulasuriya FB 23


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්