1200 x 80 DMirror

ලංකාවේ නවතම දේශපාලන ව්‍යාපාරය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය සිය

ප්‍රතිපත්ති පිළිබඳව වෘත්තිකයන් දැනුවත් කරන ප්‍රථම හමුව එහි මූලස්ථානයේ දී පවත්වනු ලැබිය.


ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරු රසික ජයකොඩි, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් නීතිඥ අමල් රන්දෙණිය, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ විශේෂඥ චන්දු එපිටවල, තොරතුරු තාක්ෂණ ව්‍යවසායිකා පුලනි රණසිංහ එම ප්‍රථම හමුවට සහභාගි වූහ.

එහිදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය වශයෙන් පෙනී සිටින දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ද, එහි ඉදිරි දැක්ම පිළිබඳවද, මේ මොහොතේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ ව්‍යාපාරයේ මතය පිළිබඳවද පිරිස දැනුවත් කොට තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ අරමුණ වන්නේ ලිබරල් වටිනාකම් මත පදනම්ව පුළුල් දේශපාලන සහ සමාජ පරිවර්තනයක් සිදුකිරීමයි.

මෙහිදී නාගරික වශයෙන් සහ ග්‍රාමීය වශයෙන් ම මෙන්ම සමාජයේ සෑම තලයක ම ජනතාව දැනුවත් කිරීම සහ සංවිධානය කිරීම සිදු කරන බව මෙහිදී අදහස් දැක්වූ නීතිඥ අමල් රන්දෙණිය කටයුතු කළේය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරුවන් වශයෙන් රසික ජයකොඩි සහ රනිල් මෙන්ඩිස් මහත්වරු කටයුතු කරති.

Untitled 3drgfger


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය