විසි හත් වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යාපනයේ නාගර්කෝවිල් රජයේ විදුහලට

එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පාසල් දෙමළ සිසු සිසුවියන් විසි එක් දෙනකු පාසල් භුමිය තුළ දී අනුස්මරණය කර තිබේ.

ඝාතනයට ලක් වු සිසුන්ගේ ඡායාරූපද ඇතුලත්කරමින් යාපනයේ නාගර්කෝවිල්  විදුහලේ සකස් කර තිබෙන ස්මාරකයට සිසුන්ගේ දෙමාපියන් ඇතුළු  සමීපතමයන් මලින් පහනින් උපහාර දැක්වු අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ද පාසලට බෝම්බයක් පතිත වු ස්ථානයක පහන් දල්වමින් මිය ගිය පිරිස සිහිපත් කිරීමට කටයුතු කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

1995 සැප්තැම්බර් 22 වැනිදා යාපනයේ නාගර්කෝවිල් විදුහලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුකාරා ප්‍රහාරක යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසැල් සිසු-සිසුවියන් 21 ක් ඇතුළු 41 දෙනකු විදුහල් පරිශ්‍රය තුළ සහ ආසන්න මාර්ගයේදී මරණයට පත්ව තිබුනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පළමු  පාලන සමයේ යාපනයේ නාගර්කෝවිල්  විදුහලට ගුවන් බෝම්බ ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් මාර්ෂල් ඔලිවර් මැතීව් රණසිංහ විසිනි.

2007 ඔක්තෝම්බර් මස 01 වන දින ඔහු එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කරන ලද්දේ ගුවන් හමුදවටත් රටටත් කළ සේවය අගයමින් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්