ඉතාම ම්ලේච්ඡ අයුරින් ජනතා නැගිටීම් මර්ධනය කරන්නට උත්සාහ කරන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ වටලන දවසට රනිල් වික්‍රමසිංහට

හැංගෙන්න තැන් සොයාගන්න වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

මේ පිටවන්නේ ජනතාවගේ පීඩාව බවත් පාසල් යන දරුවන් හාමතේ කලන්තය හැදී වැටෙන රටක, ගැබිනි මවකට කන්නට දෙයක් නැති රටක, ගොවි ජනතාවට සාධාරණ මිලකට වී ටික මිලදී ගැනීමට නොහැකි රටක, විරැකියාව වැඩිවෙමින් ඇති රටක එම පීඩාවට එරෙහිව විරෝධයක යෙදෙන්නට නොහැකි මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

ඔහු මේ ප්‍රශ්න කිරීම කළේ ඊයේ  (24) සමාජවාදී තරුණ සංගමයේ පෙළපාලියට පොලිස් ප්‍රහාරයක් එල්ල කර 83ක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී මරදාන පොලිස් ස්ථානය අසලදීය.

''පස් දෙනෙක් තුවාලවෙලා රෝහල්ගත කරලා තිබෙනවා. රනිල් රාජපක්ෂලා මේ අනුගමනය කරමින් තිබෙන මෘග ප්‍රජාතන්ත්‍ර  විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අප ජනතාව පෙළ ගස්වනවා.''

''ඒ නිසා රනිල්ට මේ මෘග ප්‍රහාරය න් එල්ල කරන අයට අප කියන්නෙ… කරුණාකරලා ජනතාවට බයේ හැංගෙන්න තැන් හොයා ගන්න…''

'' සාධාරණ නැගිටීම් සාමකාමී නැගිටීම් පොලිස් හස්ථයෙන්, තමන් අත තියන මැර ජුන්ටාවන් උපයෝගී කරගෙන පාලනය කරන්න පුලුවන් කියලා ඔවුන් හිතනවා නම් ඒක ඉතාම කෙටි කාලයක් විතරයි…''



තරුණයින් 05 දෙනෙකු රෝහලේ… අයෙකුට අසාධ්‍යයි…


සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ  (24) කොළඹදී පැවැත්වූ විරෝධතා පෙළපාලියට එල්ල කළ පොලිස් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවත් ඔහුගේ තත්වය බරපතල බවත් වාර්තා වේ.

SYU 2022.09.24 17

''කවුද දිනන්නේ කියලා බලමු'' - හරිනී කියයි


“ජන වරමක් නැති, මේ රට පාලනය කරන්න කිසිම අයිතියක් නැති ජනාධිපති කෙනෙක් පුරවැසියන් එක්ක තමයි මේ යුද්ධ කරන්නේ. බලමු කවුද දිනන්නේ කියලා. ඔහුට දිනන්න හම්බවෙන්නේ නැහැ කවදාක්වත්. මෙතන මිලියන 21ක් ජනතාව ඉන්නේ ඔහුට විරුද්ධව.” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කර සිටියේ ඊයේ  (24) පස්වරුවේ පැවති සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පෙළපාලියට එල්ල කර ම්ලේච්ච පොලිස් ප්‍රහාරයට ලක්වූ සහ අත්අඩංගුවට ගත් පිරිස මුණගැසීමට මරදාන පොලීසිය වෙත ගිය අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය මෙසේද පැවසුවාය.

“මේ වෙනකොට මරදාන පොලීසිය 61 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා උද්ඝෝෂණයට සම්බන්ධ වුන. කොම්පඤ්ඤවීදිය පොලීසියේ තව 24 දෙනෙක් ඉන්නවා. අපිට ආංචිවෙන විදිහට රෝහල්ගතවෙලා තියෙනවා 05 දෙනෙක්. එක්කෙනෙක් බරපතල තුවාල ලබල. මේක තමයි රනිල්ගේ නීතිය. මේක තමයි ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය. සාමකාමී ලෙස තමන්ගේ අදහස් දක්වන්න ආපු තරුණ පිරිසකට මේ සලකන විදිහ.

අපි දැක්කා ඊයේ රෑ, කොළඹ විශාල ප්‍රදේශ රාශියක් අධි ආරක්ෂක කලාප කියලා දැන් ඔහු ප්‍රකාශයට පත්කරලා. මේ යුද්ධ කාලයක් නෙවෙයි. ඔහු යුද්ධ කරන්නේ මේ රටේ පුරවැසියන් එක්ක. ජන වරමක් නැති, මේ රට පාලනය කරන්න කිසිම අයිතියක් නැති ජනාධිපති කෙනෙක් පුරවැසියන් එක්ක තමයි මේ යුද්ධ කරන්නේ.

බලමු කවුද දිනන්නේ කියලා. ඔහුට දිනන්න හම්බවෙන්නේ නැහැ කවදාක්වත්. මෙතන මිලියන 21ක් ජනතාව ඉන්නේ ඔහුට විරුද්ධව. ඒක නිසා බලමු මේක කරලා කවුද දිනන්නේ කියලා.”


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්