ජනාධිපතිවරණය ඡන්ද විමසීම අවසන් වනතෙක් කාන්තා සනීපාරක්ෂක තුවා දැන්වීම ප්‍රචාරය කිරීම වහාම  අත්හිටුවන්නැයි 'පොහොට්ටුව' පක්ෂයට සම්බන්ධ නීතිඥයින් කිහිප දෙනෙකු

මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

එවැනි දැන්වීම විකාශය තුලින් ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට බලවත් අගතියක් සිදුවන බවට ඔවුන් විසින් පෙන්වා දී ඇතැයි ද පැවසේ.

ඊයේ රාත්‍රී  ITN නාලිකාව හරහා විකාශය වූ 'පෑඩ් මැන්'  චිත්‍රපටය විකාශයවිම වලක්වා ගැනීමටද මෙම පිරිස බලවත් උත්සහයක් දරා තිබිණ.

නාමල්ගේ  ෆේස්බුක් බලකායට ගෝඨාගෙන් දෝෂාරෝපණයක් !

මේ අතර lankanewsweb.net වාර්තා කර ඇත්තේ, අහක යන 'පෑඩ් මෑන්' කතාවක් ඇදගැනීම හේතුවෙන් සජිත් ප්‍රේමදාසට අතිවිශාල ප්‍රචාරණ වාසියක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල මෙහෙයුම් කමිටුවට ගෝඨාබය රාජපක්ෂ දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බවයි.

තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූ විට එහි උණුසුම පැය 24ක්වත් සමාජ මාධ්‍ය ජාල තුළ රඳවා ගැනීමට අසමත් වූ පොහොට්ටු ෆේස්බුක් කමිටුව, අහක යන කතාවකට මඩ ගැසීමට ගොස් නොසිතූ විරූ ප්‍රචාරණ වාසියක් ප්‍රතිවාදියාට අත්පත් කර දීම ගෝඨාබය රාජපක්ෂගේ විවේචනයට ලක්ව ඇත.

දිලිත් ජයවීර යටතේ ක්‍රියාත්මකවූ ගෝඨාබය රාජපක්ෂගේ සමාජ මාධ්‍ය මෙහෙයුම මේවනවිට ක්‍රියාත්මක වන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යටතේය. 

සබැඳි පුවත් 

‘පෑඩ්මෑන්’ ජනගත වීම සහ කාන්තාව! - The Hindu පුවත් වාර්තාව

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්